IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කතකගේ ඇඟ අත ගාලා තෙල් පෝලිමකින් හොඳටම කාලා

කුණ්ඩසා‍ලේ පී.එම්. රාජපක්ෂ
මහ මග ගමන් කළ කාන්තාවකගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට ගොස් අම්බානක ගුටි කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගිය දිනක මහනුවර නගරයෙන් වාර්තා විය.


වාර්තා වූ සිද්ධිය මෙසේය.


මහනුවර නගරයේ වීදියක ගමන් කළ බීමත් පුද්ගලයකු  තමා ඉදිරියෙන්  ගමන් කළ රූමත් කාන්තාවකගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කර ඇත.  පසුව ඇයගේ කෑගැසීම නිසා එම පුද්ගලයා පලා දිව ගොස් ඇත. ඒ සමඟ තම ශරීරය ස්පර්ශ කිරීමෙන්  බියටපත් කාන්තාව අවට සිටි උදවියගෙන් උදව් ඉල්ලා කෑගසා ඇත.


ඇයගේ කෑගැසීම ඇසූ අසල ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි තරුණයන් පිරිසක් පලායන පුද්ගලයා පසුපස ගොස් අල්ලාගෙන පහර දීමට ගත් අතර සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඒ අසලට පැමිණියේ පුද්ගලයා හඳුනාගැනීමේ අටියෙනි.


ඒ සමඟ පුද්ගලයාට පහර දුන් තරුණ පිරිස දෑත් පිස දමමින් පැමිණ  පහර කෑ පුද්ගලයා පෙන්වමින් නෝනා මාලේ කඩා ගත්තේ මේ මිනිහා නේද, අපි අල්ලගෙන හොඳටම නෙලු‍වා, ‍පොලිසිට බාර දෙමු නේද යැයි පැවැසූහ.


 එය ඇසූ කාන්තාව, අනේ මේ මනුස්සයා මගේ මාලේ නම් කඩා ගත්තේ නෑ. දැන් හොඳටම ගුටි කාලා ඉන්න නිසා යන්න අරිමු. මගේ පස්ස තමයි මිරිකුවේ. ඒ නිසා තමයි කෑගැසුවේ‍ යැයි පැවැසුවේ අවට රැස් වී සිටි පිරිස් සිනා ගන්වමිනි.



අදහස් (0)

කතකගේ ඇඟ අත ගාලා තෙල් පෝලිමකින් හොඳටම කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 716 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17949 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site