IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කඬේ සරුවෙන්නට ඇඟිලි කඩා මුදලාලි ඉස්පිරිතාලෙ

(වියලුව වාර්තාකරු)
අලුතින් ආරම්භ කළ වෙළෙඳසලේ පළමු ගනුදෙනුව සංකේතවත් කිරීම පිණිස විශේෂ ආරාධිතයාගෙන් ලැබූ මුදල මිට මොළවා කරගැට කඩන්නට ගිය වෙළෙඳසල් හිමියකුට ඇඟිල්ලක් ඇඹරී රෝහලේ ප්‍රතිකාර ලබන්නට සිදු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ. 


සිද්ධිය මෙසේය.


ඔහු පැරැණි සම්ප්‍රදායන්ට මෙන්ම නැකත් සාස්ත්‍රයට ද ගරු කරන පුද්ගලයෙකි.


හෙතෙම නගරයෙන් කඩයක් කුලියට ගත්තේ සිල්ලර බඩු වෙළඳසලක් ආරම්භ කිරීමටය. වෙළඳසල විවෘත කිරීමට නැකතක් සකස් කරගත් ඔහු එය විවෘත කිරීම සඳහා විශේෂ අමුත්තෙකුට ද ආරාධනා කළේය.
 නියමිත දින වෙළෙඳසැල විවෘත කළ ඔහු ප්‍රථමයෙන්ම ආරාධිතයා සමගම ගනුදෙනුවක් සිදු කරනු ලැබුවේ වෙළෙඳසැල බෙහෙවින්ම සාර්ථක වේවායි හිතින් ප්‍රාර්ථනා කරමිනි. 


ආරාධිතයා ද නව වෙළෙඳසලෙන් භාණ්ඩ කීපයක් මිලට ගෙන ලොකු මුදලක් ඔහු අත තැබුවේ ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දිනම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමිනි.


සිනහවක් පාමින් තම මුල් ගනුදෙනුව සඳහා ලද මුදල අතට ගත් හෙතෙම එය අතේ මිට මොළවාගෙන හැකි පමණ වෙර දමා එම අතේ ඇඟිලි සියල්ලේම කරගැට එකවර කැඩෙන ලෙස අනෙත් අතින් තද කළේ වෙළෙඳාමේ යෙදෙන බොහෝ වෙළෙඳුන් සිය පළමු ගනුදෙනුව එසේ සංකේතවත් කරන බව ඔහු දැක තිබූ නිසාය.


එහෙත් හරි හැටි එය කරගත නොහැකිව අතේ ඇඟිලි ඇඹරී යාමෙන් දැඩි වේදනාවට පත් හෙතෙම මර හඬ තලන්නට පටන් ගත්තේ ඔහු ආරම්භ කළ වෙළෙඳාම ද අමතක කර දමමිනි.


 සුලු වේලාවක් ගතවෙද්දී ඇඟිලි කීපයක් ඉදිමී තඩිස්සි වන්නට පටන් ගත් අතර අවසානයේ දී වෙළෙඳසැල හිතවතෙකුට බාරකළ හෙතෙම අඟිලි ටික අනිත් අතින් අල්ලාගෙන නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොඩවූයේ වැඬේ පත්තුවන්නට පෙර බෙහෙතක් කර ගැනීමේ අදහසිනි.


 එහෙත් ආරාධිතයා විසින්ම ඒ වන විටත් සිද්ධියට ඉහළ ප්‍රතිචාරයක් ලබා දී තිබිණි.

 



අදහස් (0)

කඬේ සරුවෙන්නට ඇඟිලි කඩා මුදලාලි ඉස්පිරිතාලෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1628 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1394 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site