IMG-LOGO

කුණු හරුප කියූ සිසුන්ට විදුහල්පතිගෙන් පාඩමක්

(මොරටුව - රේඛා තරංගනී ෆොන්සේකා)
කොළඹට නුදුරු ජනප්‍රිය පාසලකි. දිනක් එම පාසලේ සිසුන් දෙදෙනකු විදුහල්පති හමුවට කැඳවන්නට වූයේ ඔවුන් දෙදෙනා නිතරම අසැබි වචනවලින් ආමන්ත්‍රණය කර ගනිමින් කටයුතු කරන බවට ආචාර්යවරයකු ලෙස කටයුතු කළ හිමි නමකගෙන් ලැබුණ පැමිණිල්ලකට අනුවය.


එකී සිසුන් දෙදෙනා සිය නම් වෙනුවට කාන්තා ලිංගික අවයව නාමයෙන් ආමන්ත්‍රණය කර ගන්නා අතර ඔවුන් වටා සිටින සියල්ලන්ටම මෙය ගැටලුවක් වුවත් සිසුන් දෙදෙනාට එහි ගැටලුවක් නොවීය.


විදුහල්පති හමුවට පැමිණ වූ සිසුන් දෙදෙනාට දඬුවම් ලෙස වේවැල් පහර දී එයින් ද නොනැවතුණ විදුහල්පතිවරයා නැවත එලෙස ආමන්ත්‍රණය නොකර ගන්නා ලෙසට පොරොන්දු වෙමින් ලිපි දෙකක් ලියන ලෙස ද සිසුන්ට අණ කළේය.


එක සිසුවෙකු ඉතා කඩිනමින් ලිපිය ලියා නිමකළ අතර අනෙක් සිසුවා ලිපිය ලිවීම මන්දගාමීව සිදු කරන්නට විය.


ලිපි දෙකම ලියා අවසන් වනතුරු දෙදෙනාටම පන්තියට යාමට අවසර නොවීය. මිතුරාගේ ලිපිය ලිවීම ප්‍රමාද වනු දුටු සිසුවාට උන්හිටි තැන් අමතක වන්නට ගත වූයේ නිමේෂයකි.


තමා සිටින්නේ විදුහල්පති ඉදිරියේ බව අමතක වූ ලිපිය කඩිනමින් ලියූ සිසුවා මන්දගාමී සිසුවා අමතා ඉක්මනට ලියපන්කෝ යැයි පරුෂ වචනයෙන්ම නියෝග කළේය. ඉන්පසු කුමක් සිදුවූයේ දැයි සිතාගත නොහැක. 

 



අදහස් (1)

කුණු හරුප කියූ සිසුන්ට විදුහල්පතිගෙන් පාඩමක්

නඩරාජා සුන්දරලිංගම් Tuesday, 05 March 2019 06:47 AM

කියපු සිසුවාව අස් කරන්නයි තිබුනේ

:       74       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 23 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site