ඉදිරියේ එන මහ කන්නයේ ගොවිතැන් කිරීම සඳහා තම හේන සුද්ධකර එකතු වූ කුණු ගොඩක් ගිනි තැබීමට දැල්වූ ගිනි කූර සාක්කුවේ දමා ගැනීම නිසා උදරය පිළිස්සී ප්‍රතිකාර කර ගැනීමට සිදුවූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තාවෙයි.
සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය. කුඩා කල සිටම තම පියා සමග ගොවිතැන් කටයුතුවල නිරත වූ මෙම තරුණයා රැකියාවක් කළද නිවසේ එදිනෙදා අවශ්‍යවන භව බෝග තම ගෙවත්තේම සකසා ගත්තේය. ඊට ඔහුගේ බිරියගෙ න් සහ දරුවන්ගෙන් නොමද සහායක් ලැබිණි. ඉදිරියේදී වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණදෙපාර්තමේන්තුව ප්‍රචාරය කිරීමත් සමග තම වගා බිම ඉක්මනින් පරිසිදු කිරීමට මෙම තරුණ ගොවි මහතා කටයුතු කළේය.
පසුගිය දිනක නිවාඩුවක් දැමූ මොහු බිරිය සහ දරුවාද සමග නිවසට මඳක් දුරින් ඇති තම හේන පිරිසුදු කිරීමට ගියේය. ඉකුත් කන්නයේ ද වගා කිරීමට නොහැකි වූ නිසා හේන වල්වැදී තිබුණි. කොනකින් පිරිසුදු කිරීම ආරම්භ කළ අතර බිරිය සහ දරුවා දිරාගිය කොටස්ද අමු අතුද ගොඩගසා ගිනි තැබීමට සුදානම් විය. නිවෙසින් රැගෙන ආ භූමිතෙල් සෑහෙන ප්‍රමාණයක් ඊට එක් කළේය. තමා ඇඳ සිටි කමිසයේ සාක්කුවෙන් ගිනිපෙට්ටිය අතට ගත් මෙම තරු- ණයා ගිනි කූරු කීපයක් ගැසුවද පැවැති සුළඟ නිසා එය එකවරම නිවී ගියේය. ඇඳසිටි ඇඳුම්වලට වන අන්දමින් නැවතත් ගිනි ක ූ ර ගැසීය.
සුළඟට නිවේයැයි සිතා හදිසි වූ ඔහු ගිනිකූර සාක්කුවට දමාගෙන ගිනි පෙට්ටිය කුණු ගොඩය වීසි කළේය. නයිලෝන් රෙද්දෙන් මැසූ කමිසය එකවරම උණුවී උදරය පිළිස්සෙද්දී ඔහු කෑගසමින් හේනපුරා දිව ගියේය. ඒ ශබ්දය අවට අයද දිව ආහ. සිදුවී ඇති දේ අවබෝධකරගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. බිරිය නිවෙසට දිවගොස් පිලිස්සුම් තුවාලවලට යොදන ආලේපයක් රැගෙන විත් පිළිස්සී තිබූ ස්ථානයේ ආලේප කළාය. දැන් අසල්වාසීන් හේනේ වැඩ කටයුතු කොහොමද අසන විට තරමක් නොරිස්සුම් ගතියක් පෙන්නනවාලු.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණු ගොඩට ගිනිතබා ගිනිකූර සාක්කුවේ දාගෙන