නිවසේ තිබී අස්ථාන ගතවූ වටිනා ලියවිලි අඩංගු කවරයක් සොයා ප්‍රදේශයේ කසළ කන්දක් ළඟට ගිය අයෙකුට එය සොයාගැනීමට රුපියල් පන්දාහක් වැයවූ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
අලුත් අවුරුද්දට නිවස ශුද්ධ පවිත්‍ර කිරීමේ අරමුණින් ගෙහිමියා තවත් අයකුගේ සහය ඇතිව නිවස ශුද්ධ පවිත්‍ර කර ඇත. ඒ අතරේ නිවසේ තිබූ අවශ්‍ය නොවන පොත් හා ලිපි ලේඛන කඩදාසි ලොකු මල්ලකට දමා ඒවා කසළ ගෙනියන ලොරියකට බාර දී ඇත.

දින කීපයකට පසු ගෙහිමියා නිවසේ තිබූ ඉඩම් ඔප්පු නැතිවී ඒවා සොයනවිට බිරිය කියා ඇත්තේ අනුමානයක් නෑ කුණු ගොඩට ගිහිල්ලා ඇති කල්පනා කර බලන්න කියාය. සමහර විට වැරදිලා විසිකලාද දන්නේ නෑ. කොයි එකටක් මම ගිහින් බලන්නම් කියා කසළ කන්ද තිබෙන තැනට ගොස් ඇත.
කසළ කන්ද තිබෙන තැනට ගිය ගෙහිමියා එහි සිටි අයකුට කතා කර සිදුවූ ඇබැද්දිය කියා ඔහු සමග එක්ව නැතිවූ කවරය සොයා ඇත.
මහත්තයා දවස ගානේ මෙහෙම කඩදාසි කොච්චර කුණු එනවද? සොයන එක ලෙහෙසි නෑ මට කවරයෙ හැඩරුව කියන්න මම හොයලා තියන්නම් මම මේකේ කඩදාසි එකතු කරනවා. සමහරවිට බැරිවෙන එකක් නෑ.
හැන්දෑවනතුරුම හෙව්වත් නැතිවූ කවරය සොයාගැනීම අසිරු වූ නිසා ඔහු කසළ කන්දේ සිටි පුද්ගලයාට එය සෙවීම බාරදී නිවසට පැමිණ පසුදා උදේම එහි ගොස් නැවත ඒ ගැන විමසා තිබේ.
මහත්තයෝ කවරයක් හම්බ වුනා මේකද කියලා බලන්න. අනේ ඔව් බොහොම ස්තුතියි. මෙන්න රුපියල් පන්දාහක්ම තියෙනවා. ඔයා මේ මට කළේ ලොකු උදව්වක්. කියා එය සොයාදුන් පුද්ගලයාට කියා පිටව ගොස් ඇත්තේ අමතක නොවන පාඩමක්ද ඉගෙන ගෙනය.
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුණු කන්දක් විළිලා ඔප්පුවක් වදලා