IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුණුහරුප කිව්වොත් කැලෑ දඬුවම

 කූඩුවකින් පැන්න මයිනෙකු ගෙදර දොරකඩ තිබූ බඳුනක  කෑම කන්න පුරුදුවී නිවැසියන්ගේ සුරතලකු වූ පසු කූඩුවකට දැමූ විට ඌ අසභ්‍ය වචන කීම නිසා නැවත කැලයකට මුදාහැරීමේ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


මේ නිවසේ දිනපතා සතුන්ට කෑම සඳහා බඳුනකට ආහාර දැමීම කර ඇත. ගිරවුන්, මයිනන්, ලේනුන් වැනි සතුන් පැමිණ එම ආහාර කෑමට පුරුදුව තිබේ.


 ඒ අතරේ දිනක් තරමක් හොඳින් වැඩුණු මයිනෙකු පැමිණ ඇත. ඒ මයිනා අනෙක් සතුන් මෙන් ළඟට පැමිණිවිට ඉගිල නොයන නිසා ගෙහිමියා විමසිල්ලෙන් සිට තිබේ. කෑම අතේ තිබුණත් පැමිණ කන නිසා කවුරු හෝ හුරතලයට ඇතිකළ මයිනෙක් වෙන්න ඕනෑ යැයි සිතු ගෙහිමියා කුඩුවක් ගෙනවිත් ඌ අල්ලා කුඩුවකට දමා තිබේ.


  දිනක් දෙකක් කුඩුවේ සිටි මයිනා හිටි ගමන් අසභ්‍ය වචනයක් කියන අයුරු ඇසී තිබේ. මෙය ඇසූ නිවැසියන් පුදුමයට පත්ව කොතනක හෝ නරක මිනිසුන් ඉන්න තැනක මේ සතා හැදිලා තිබෙනවා. සතෙක් උනත් නරක සමාජයක හැදුනොත් ප්‍රතිඵලය ඕක තමා. මේ වගේ සත්තු තියා ගත්තොත් අපේ ළමයින් නරක් වෙනවා. පුරුද්ද අතාරින්නෙත් නෑ. ඒ හින්දා ඔන්න ඔය මයිනා කැලේට ගිහින් දාන්න යැයි ගෙහිමියාගේ බිරිඳ කියන්නට වීම නිසා අවසානයේ මයිනා කැලේට ගිහින් දැමූ බව පැවසේ. 
(වැල්ලම්පිටිය ශාන්ත සෙනවිරත්න) 



අදහස් (0)

කුණුහරුප කිව්වොත් කැලෑ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site