IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොණ්ඩය කපන් එන්න කීවාම සිවුරකුත් ගෙනත් දෙන්න කියලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



මවුපියන් පාසලට ගෙන්වා ඔවුන් ඉදිරියේ දී කොණ්ඩය කොටට කපාගෙන එන්න යැයි විදුහල්පතිවරයා කී අවස්ථාවේ දී තමා මහණ කරන්න ද හදන්නේ සිවුරකුත් ගෙනත් දෙන්න යැයි පවසා ඇතැයි කියන  19 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ පාසලකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ පාසලක 13 වැනි ශ්‍රේණියේ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයාගේ මවුපියෝ දෙදෙනාම රජයේ ආරක්ෂක අංශයකට අනුයුක්තව රාජකාරී කරති. 
පියා කොළඹ ප්‍රදේශයේත් මව කෑගල්ල ප්‍රදේශයේත් සේවය කරති. 
ඉකුත් දිනක උසස් පෙළ ශිෂ්‍යයා ප්‍රදේශයේ බාබර් සාප්පුවකට සවස් කාලයක ගොස් හිස මුදුණෙන් උඩට කෙස් වැඩි කොටසක් ඉතිරි කර පහළ කොටස සම්පූර්ණයෙන්ම කොටට කපාගෙන නිවසට පැමිණ ඇත. නිවසේ සිටි මිත්තනිය කොණ්ඩය කපා ඇති අයුරු දැක දොස් පවරමින් සිටින අවස්ථාවේ දී මව ද රාජකාරි කටයුතු නිම කරමින් නිවසට පැමිණියා ය.


මිත්තනිය සමග මව ද ශිෂ්‍යයාට දොස් නගන්නට වූවාය. ‘‘මේක ප්‍රශ්නයක් කර ගන්න එපා කිරි අම්මේ, කොල්ලෝ කොණ්ඩය කපන්නෙ දැන් ඔය විදිහට. කොච්චර ලස්සනයි ද බලන්න කෝ කිරි අම්මේ’’ යැයි පවසා ශිෂ්‍යයා හිස පිටුපස ද හරවා පෙන්වා ඇත.”‍ ‘අපට කමක් නෑ හෙට ඉස්කෝලේ ගිහාම ලොකු මහත්තයා බලා ගනියි’ යැයි මිත්තනිය පැවසුවාය.
පසු දින ශිෂ්‍යයා පාසල් ගියේය. අමුතු තාලයට ශිෂ්‍යයා කොණ්ඩය කපාගෙන පැමිණ ඇති අයුරු පන්ති භාර ගුරුවරයා දැක විදුහල්පතිවරයා දැනුවත් කළේය. විදුහල්පතිවරයා පන්තියට පැමිණ ශිෂ්‍යයා කොණ්ඩය කපාගෙන පැමිණ සිටි අයුරු දුටුවේය. කිසිවක් නොකියා පන්තියෙන් පිටව ගිය  විදුහල්පතිවරයා ශිෂ්‍යයාගේ පියාට දුරකතන ඇමතුමක් දී හෙට පාසලට අනිවාර්යයෙන් මවුපිය යුවළ පැමිණිය යුතු බවට දන්වා සිටියේය.
හදිසි අසනීප නිවාඩුවක් ගෙන නිවසට පැමිණි පියා පසු දා මව ද නිවාඩුවක් ගෙන මිත්තනිය සමග තිදෙනා විදුහල්පතිවරයා මුණ ගැසීමට පාසලට ගියහ.
‘‘පුතා නම් කොණ්ඩය කපාගෙන ඉස්කෝලයට ඇවිල්ලා තියෙනවා බොහොම ලස්සනයි. ඔහොම කොණ්ඩය කපාගෙන ඉස්කෝලේ යන්න එපා කියලා දරුවාට මවුපියන් වශයෙන් ඔබලා අවවාදයක් දුන්නේ නැද්ද? මම කිසිම දෙයක් ළමයාට කිව්වේ නෑ. අද කාලයේ ළමයින්ට මොකවත් කියන්න බැහැ වරද එන්නේ ගුරුවරු වන අපට’’ විදුහල්පතිවරයා උපැස් යුවළ යටින් මවුපියන් දෙස බලා කීය.
පසුව විදුහල්පතිවරයා පන්ති භාර ගුරුවරයාට ශිෂ්‍යයා කැටුව විදුහල්පති කාර්යාලයට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් දුන්නේය. පසුව පන්ති භාර ගුරුවරයා ශිෂ්‍යයා සමග විදුහල්පති කාර්යාලයට පැමිණියේය. ‘මම කිව්වා නේද ඔහොම කොණ්ඩය කපාගෙන ඉස්කෝලේ යන්න එපා ලොකු මහත්තයා පාසලෙන් එළියට දායි කියලා කිව්වට ඇහුවේ නෑ නේද?’ මිත්තනිය මුණුපුරා දෙස බලා පැවසුවාය. 
‘අද ගෙදර ගිහිල්ලා පිළිවෙළකට කොටට කොණ්ඩය කපාගෙන ඇවිල්ලා හෙට පන්ති භාර සර්ට පෙන්වන්න ඕනෑ. කොහොමද ඔය කොණ්ඩය කපලා තියෙන්නේ. ඉස්කෝල ළමයෙකුට ගැළපෙන්නේ නෑ. වෙන විදුහල්පතිවරු ළමයිගේ කොණ්ඩය රැවුල පාසලේ දී කපනවා, මම එහෙම කරන්නේ නෑ’ ⁣විදුහල්පතිවරයා ශිෂ්‍යයාට අවවාද කරමින් පන්ති භාර ගුරුවරයා මවුපියන් හමුවේ පැවසීය. ‘‘සර් මට කොණ්ඩය කොටට කපන්න කියන්නේ මම මහණ කරන්න ද හදන්නේ එහෙනම් සිවුරකුත් ගෙනත් දෙන්න’ යැයි ශිෂ්‍යයා මවුපියන් මිත්තනිය විදුහල්පතිවරයා පන්ති භාර ගුරුවරයා හමුවේ කේන්ති ගිය ස්වරූපයෙන් පැවසීය. 
විදුහල්පතිවරයා, පන්ති භාර ගුරුවරයා, මවුපියෝ, මිත්තනිය එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්හ. ‘අද කාලයේ දරුවෙකුට අවවාදයක්වත් දෙන්න බැරි හින්දා තමයි අපි මවුපියන් පාසලට කැඳවීමට තීරණය කළේ. වෙන විදුහල්පතිවරු නම් කොණ්ඩය කපනවා. මම එහෙම කරන්නේ නෑ’ විදුහල්පතිවරයා මවුපියන් හමුවේ පැවසීය. ‘සර් ළමයාගේ කොණ්ඩය ගැළපෙන විදිහට කපලා හෙට පාසලට එවන්නම්’ යැයි පියා විදුහල්පතිවරයා ඉදිරියේදී පොරොන්දු වී තිදෙනා විදුහල්පති කාර්යාලයෙන් පිටව නිවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

කොණ්ඩය කපන් එන්න කීවාම සිවුරකුත් ගෙනත් දෙන්න කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site