IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


කඩයක් බදු අරන් දොර ජනෙලුත් ගලවාගෙන ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක කඩ කාමරයක් වසරකට බදු ගත් විවාහක යුවළක් එහි සපත්තු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළත්, එය සාර්ථක වූයේ නැත. මේ නිසා කොළඹ පදිංචිව සිටි කඩ කාමර හිමියාට මේ බව දන්වා ව්‍යාපාරය වසා දැමීමට ඔවුහු තීරණය කළහ.


ඔහු පැමිණි පසු වසරක් සඳහා බදු ගත්ත ද, දැනට මාස හයක් පමණක් ගතව ඇති බව කියා බදු මුදලින් කොටසක් ආපසු ඉල්ලුව ද ඊට කඩ හිමියා එකඟ නොවූයෙන් මතභේද ඇති වී පසුව ගැටුමක් දක්වා දුරදිග ගියේය.
එන හැඩ හොඳ නැති බව පෙනුන නිසා බදුකරුවන් කඩ කාමරයෙන් ඉවත්වීමට මසක් කල් ඉල්ලූහ. ඊට එකඟ වූ කඩ හිමියා කොළඹ ගියේ මසකින් ආපසු ඒමට සිතාගෙනය.


මාසය ගතවීමටත් පෙර කඩ හිමියා බදු දුන් කඩයට ආපසු පැමිණි විට දුටු දෙයින් ඔහුට තරු පෙනිණ. ඒ වන විට කඩයේ තිබූ සියලු බඩු බාහිරාදිය පමණක් නොව, එහි දොර ජනෙල් පවා ගලවාගෙන ගොස් තිබිණ. වට පිටාවේ සිටියවුන්ගෙන් තොරතුරු ලබා ගනිමින් ඔහු දැන් බදුකරුවන් ගිය තැන් හොයනවාලු.



අදහස් (0)

කඩයක් බදු අරන් දොර ජනෙලුත් ගලවාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1628 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1394 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site