IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


කඩෙන් පැන්නූ පිටි මුට්ටය දී හාල් මිටියක් ඉල්ලලා

යටවත්ත නගරාසන්න ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිල්ලර වෙළෙඳ සලකි. ගමේ ඥාති හිතවතුන්ම සිටිනා බැවින් කඩ හිමියා සමහර අවස්ථාවල සිය අවශ්‍යතා සඳහා ගෙතුළට ද වෙළෙඳ සලෙන් පිටතට ද යන අවස්ථා එමටය.
දිනක් වෙළෙඳසළ ආසන්නයේ පදිංචි ගැහැනු දරුවකු කිලෝ දහයේ හාල්පිටි මිටියක් වෙළෙඳසලට රැුගෙන ඇවිත් කියා සිටියේ ‘‘මාමෙ තාත්ත හාල් මිටියක් කියා අරන් ගිහින් තියෙන්නෙ හාල් පිටි මිටියක්. මේක තියාගෙන කිලෝ 10යේ හාල් මිටියක් දෙන්න’’ මම බත් උයන්න හාල් ටිකක් ගන්න බලද්දී තමයි දැනගත්තේ තාත්තා ගෙනත් තියෙන්නේ පිටි මිටියක් බව හොඳ වෙලාවට මම කැඩුවේ නැහැ.
එම දැරියගේ පියා තමා වෙළෙඳ සැලෙන් බැහැරව සිටි වෙලාවේ මේ පිටි මිටිය සොරාගෙන ඇති බව දැනගත් වෙළෙඳසල් හිමියා දැරියට පවසා ඇත්තේ ‘‘තාත්තාටම එන්න කියන්නකෝ හොඳ හාල්මිටියක් තෝරාගෙන යන්න යයි පවසා දැරිය පිටත්කර යැවීය.
මේ වන විටත් හාල් මිටිය රැුගෙන යාමට තාත්තා පැමිණ නැත.



අදහස් (0)

කඩෙන් පැන්නූ පිටි මුට්ටය දී හාල් මිටියක් ඉල්ලලා

අජිත් Thursday, 09 October 2014 12:46 PM

උද්දමනය.....උද්දමනය...වෙන මොකුත් නෙමෙයි. පවතින ආණ්ඩුව වගකිවයුතුයි (නි)

:       0       0

රුවන් Wednesday, 08 October 2014 05:20 AM

මේවගේ මිනුස්සු නරකදියේම තමයි. (අ)

:       0       0

පද්මේන් Tuesday, 07 October 2014 11:10 AM

කිලෝ දහයේ හාල්පිටි මිටිත් තියෙනවද? (නි)

:       0       0

චින්තක Tuesday, 07 October 2014 05:09 PM

කෙල්ල ඔලිම්පික් බර උස්සන්න පුරුදු කරන්න පුළුවන්. (නි)

:       0       0

චින්තක Wednesday, 08 October 2014 07:32 AM

මම දන්නා තරමින් කිලෝ 10 හාල් පිටි මිටි සිල්ලර කඩවල නැහැනේ (නදී)

:       0       0

රවී - ඕමාන් Tuesday, 07 October 2014 05:31 AM

මෙච්චර රස්සාවල් තියෙද්දිත් අහිංසක දරුවන්ට සොරකම් කරලා ගෙනත් කන්න දෙන්න හදනවා මදිවට ඒ අහිංසකයොත් ඒවාට අහුකරනවා අනේ මුන්ට දෙවියොම බලන්න ඕනා. (නදී)

:       0       0

සරත් Tuesday, 07 October 2014 06:16 AM

"සා ගින්නෙන් හඩන දු දරුවන් උදෙසාම" කරන්න ඇති. (නදී)

:       0       0

කුමාරි Tuesday, 07 October 2014 06:18 AM

ලෝකය ගෝලාකාරයි. එහි ජිවත් වෙන මිනිසුන් විවිදාකාරයි. සමහරක් මිනිස්සු පුදුම තරම් විෂමාකාරයි. (නදී)

:       0       0

ධම්ම Tuesday, 07 October 2014 06:51 AM

පාපයේ හා දුප්පත්කමේ හීන් කෙඳිරියක් කතාව යටින් දුවනවා. (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 08 October 2014 12:32 AM

එයාට තිබුනේ පිටි මිටිය ඉවර වෙනකම් රොටි හදලා කන්න. එතකොට ඔය හොරකම අහුවෙන්නේ නැහැනේ. (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 October 2014 09:22 AM

නැති බැරිකම ඉහට උඩින් ගියහම මිනිස්සුන්ට නොකරණ දේවල් කරන්න හිතෙනවා. දරුවන්ගේ බඩගින්න නිවන්න. මනුතාපයේ පාන්රාත්තලක් හොරකම් කරලා හිරේ ගියේ (නදී)

:       0       0

සමන්ති Tuesday, 07 October 2014 02:36 PM

මේක වැරදිලා වෙන්න බැරි දෙයක්. පිටි බෑගයක්ම හොරෙන් ගෙනියන්න ඇති. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 07 October 2014 09:33 AM

මුදලාලිත් මාර ලෝභයෙක්. සේවකයෙක් ගන්නේ නැහැ පඩි ගෙවන්න වෙනවාට. කැෂියර් එක හාමිනේට බාර දෙන්නත් සැකයි. පුතා ,දුව හිටෙව්වා නම් කඩචෝරු කයි. සී.සී.ටී.වී. කැමරා සවිකරන්නත් ආධායම මදි. අහල පහල කෙනෙක් නම් පිටිත් අදී. හැම විජ්ජාවකට වඩා ගැල ව්ජ්ජාව හොඳා කිව්වා වගේ මුදලාලි ඉන්නවිට ෆුඩ්සිටිය ඇර තැබීමටත් නැතිවිට ෆුඩ් සිටිය වසා තැබීමටත් වග බලා ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site