IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කඩාදාන්න හැදූ පාසල් ප්‍රේමය දවසෙන් දලුදාලා

ඔහුගේ වයස අවුරුදු 26ක් වන අතර ඇයගේ වයස අවුරුදු 24කි. යාබද ගම් දෙකක පදිංචි ඔවුන් පාසල් වියේ සිටම පෙම්වතුන්ය. පාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු සූපවේදියකු ලෙස රැකියාවක් කරන්නට වූ අතර ඇයද කාන්තා ආභරණ වෙළෙඳ සලක් විවෘත කළාය. එහෙත් දෙදෙනාගේ ප්‍රේමයට ඇයගේ නිවසින් එල්ල වූයේ දැඩි විරෝධයකි. මව්පියන් සූදානම් වූයේ ඇය වෙනත් පුද්ගලයකුට විවාහ කරදීමටය. මෙය දැනගත් ඔහු ඇයගේ  නි​ෙවසට ගොස් මව්පියන්ට තර්ජනය කළේය.


මේ අතර ඇයගේ ඥාති සොහොයුරියක් හදිසියේ අසනීප වී ගාල්ල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ අතර ඇය සාත්තුවට ළඟ සිටියාය. ඥාති සොහොයුරිය සුවය ලබා ත්‍රිරෝද රථයක නැගී ඇය සමග නි​ෙවසට යාමට පිටත්වූවාය. ගාල්ල නගරයේ සිට ටික දුරක් යනවිට පසු පසින් පැමිණි වාහනයක් ත්‍රිරෝද රථයේ මග හරස්කොට නතර කළේය. එයින් බැස ගත් ඇයගේ පෙම්වතා ඇය ඇද තමා පැමිණි වාහනයට දමා ගත්තේය. ඥාති සොහොයුරිය නි​ෙවසට ගොස් සිද්ධිය කිවාය.


ඇයගේ පෙම්වතා ඇය හෝටල් කාමරයකට ගෙන ගිය අතර ඥාති සොහොයුරියගේ පියා පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළේය. හෝටල් කාමරයට ගියත් ඔහු බලාපොරොත්තු වූ දේ ඉටුකර ගැනීමට ඇය ඉඩ දුන්නේ නැත. උදයේ පෙම්වතා ඇය විවාහ රිජිස්ටාර්වරයකු වෙත කැඳවා ගෙන ගියේය.


සාක්කි අත්සන් කිරීමට ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. මනමාල‍යාගේ පාර්ශ්වය වෙනුවෙන්ද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන්ද අත්සන් කරනු ලැබුවේ මනමාලයාගේම මිතුරන් දෙදෙනෙකි. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු දෙදෙනා යළිත් හෝටල් කාමරයට ගිය අතර මිතුරෝද විසිර ගියහ. පසුදින උදෑසනම ඔහු තම බිරිඳ සමග විවාහ සහතිකයත් රැගෙන පොලිසියේ පෙනී සිටියේය.

උණවටුන-ඩී.ජී. සුගතපාල



අදහස් (0)

කඩාදාන්න හැදූ පාසල් ප්‍රේමය දවසෙන් දලුදාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17964 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site