IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ක​ඩේට පැන්න හොරාට ලක්ෂ 2 ට වඩා පොල්ගෙඩි විස්ස ලොකුවෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ උපනගරයක පිහිටි පොලිස් ස්ථානයකට උදෑසනම පැමිණිල්ලක් දැමීමට ආවේ ගමේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගිය මුදලාලි කෙනෙකි.


පෙර දින රාත්‍රියේ තම වෙළෙඳසලේ පසුපස දොර ගලවා සොරකු ඇතුළු වී ඇති බවත් තමා කුරුඳු විකිණීමෙන් ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මුදල ගැනීමට මේ සොරා ඇතුළු වී ඇති බවත් ඔහු පැමිණිල්ල දැමීය.


ඒ සල්ලි ඔක්කොම ගෙනිහිල්ලා දැයි පැමිණිල්ල ලියූ පොලිස් නිලධාරියා විමසීය.


නෑ රාලහාමි, මම මොනවත් බැලුවෙ නෑ. ඇඟිලි සලකුණු ගන්න ඕනෑ නිසා පොලිසියත් එක්ක ගිහින් බලනවා. ඔහු කීය.


පොලිස් නිලධාරීන් දෙදෙනකු සමඟ එහි ගොස් වෙළෙඳසල පරික්ෂා කළ විට කිසිම දෙයක් සොරාගෙන ගොස් නැති බවත් මුදල්ද එලෙස තිබූ බවත් අනාවරණය වූ අතර ඉදිරිපස කඩ බක්කි පරීක්ෂා කළ මුදලාලි මවිතයට පත්වූයේ එහි වූ පොල්ගෙඩි විස්සක් පමණ හොරා ගෙන ගොස් ඇති බව දුටු හෙයිනි. 


මේ බව පොලිස් නිලධාරීන්ට කී විට ‘‘ඒක හරි පොල් ගෙඩිටික මසුරන් වටිනවානේ” කියා පොලිස් නිලධාරීන් කඩෙන් එළියට බැස්සාලු.

 



අදහස් (1)

ක​ඩේට පැන්න හොරාට ලක්ෂ 2 ට වඩා පොල්ගෙඩි විස්ස ලොකුවෙලා

fairoos Thursday, 25 February 2021 07:04 AM

දෙයියෝ සාක්කි... සර් ෆේල්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site