IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කොටුව පැටලී වැඬේ වැරදිලා

පාසල් සේවා බස් රථයක රියැදුරකු වූ ඔහු පසුගියදා පාසල් දරුවන් පාසලෙන් ගෙන ඒම ප‍්‍රමාදවීම නිසා තරමක වේගයෙන් වෑන් රථය පදවාගෙන ගිය අතර මාර්ග නීති නොතකා යන ආකාරය නගරයේ සිටි පොලිස් නිලධාරියකුගේ උකුසු ඇසට ලක්විය.

වහාම රථය නතර කිරීමට සංඥා කළ ඔහු දඩ කොළයක් ලියා දුන්නේය. වරද පිළිබඳව ලජ්ජාවට පත් රියැදුරු දඩ කොළය සාක්කුවේ දමා ගත්තේ පසුදාම පොලීසියට ගොස් දඩය ගෙවීමටය. ගෙදර විත් දඩ කොළය දෙස බැලූ ඔහුට තරු පෙණින. එහි වූයේ ආරක්ෂිත හිස් වැසුම පළඳා නොසිටීම නිසා දඩ ගසන බවකි.

පසුවදා මේ පිළිබඳව අදාළ පොලීසියට දැන්වූ විට දඩ කොළය ලියූ නිලධාරියා ලකුණු කරන කොට මට කොටුව පැටලිලා කියා තම කනගාටුව පළ කොට සුළු දඩයක් ගසා ඔහු නිදහස් කළාලූ. සබරගමුව පළාතෙන් ඇසුණු පුවතකි.



අදහස් (0)

කොටුව පැටලී වැඬේ වැරදිලා

කිරි ගමරාල Saturday, 11 October 2014 08:51 AM

පොලිසියේ ලොක්කෝ හිටගෙන ප්‍රසිද්ධියේ මුත්‍රා කරනකොට සොක්කෝ කොටු පැන පැන මුත්‍රා කරනෙක අරුමයක්ය? (අ)

:       0       0

රුවන් Saturday, 11 October 2014 09:12 AM

පොලිස්සිය මෙහෙම හැංගිලා හරි දඩ කොළ දෙන හින්දා තමයි අනතුරු ටිකක් හරි අඩු නැත්නම් රියදුරුට ඕන විදිහට වාහන ධාවනය කරනවනේ. (හේ)

:       0       0

සමන්ති Friday, 10 October 2014 08:29 PM

යතුරුපැදියක් බලපත්‍ර නැතුව පදවාගෙන ගියොත් නඩු වැටෙන්නේ ආසන පටි රහිතව පැදවීමට හා බස් රථයක් වේගයෙන් ගියහොත් නඩු වැටෙන්නේ හිස් වැසුමක් රහිතව පැදවීමට. පුදුම දඩ කොල ලිවීමක්. (නි)

:       0       0

චමින්ද Friday, 10 October 2014 08:56 PM

කෙසේ හෝ පොලිස් නිලධාරියා තමන්ගේ වරද පිළිගෙන තම කණගාටුව ප්‍රකාශ කළ එක හොඳයි. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 10 October 2014 09:39 PM

මේ රියදුරු මහතාට දඩ කොලය දුන්නාම ලැජ්ජා හිතුනලු. අපිට නම් තරහා යනවා. හරිම විනීත රියදුරෙක් (නි)

:       0       0

සෑම් Friday, 10 October 2014 11:17 PM

ලංකාවේ පොලිසිය දැනටම ආශ්චර්යයට ළඟාවෙලා වගෙයි. යතුරුපැදි වල සීට්බෙල්ට් නොදැම්මාට දඩ ගහනවා. වෑන් රියදුරන් හෙල්මට් නොදැම්මාට දඩ ගහනවා. ඒ අතරේ දේශපාලන මැරයෝ පොලිස් පොඩ්ඩන්ට ගහනවා. (නි)

:       0       0

මාලිකා Sunday, 12 October 2014 04:45 PM

මේක තමයි ආශ්චර්යය! (නි)

:       0       0

කීර්තිරත්න Sunday, 12 October 2014 04:45 PM

පොලිසියෙන් බැරි එකාව අල්ලලා දඩගහලා හිරේට යවනවා. පුලුවන් එකාට ආචාර සමාචාර දක්වලා හතරට පහට නැවිලා හොඳමයි සර් කියලා යවනවා. (නි)

:       0       0

පිටිගල Saturday, 11 October 2014 03:11 AM

පොලිස් ලොක්කෙක් ගුටි කෑවේ නැහැ නේද තවම හැබැටම. (අ)

:       0       0

රූපවතී Saturday, 11 October 2014 01:01 PM

කලිනුත් අපිට මෙවැනි දෙයක් ඇසුනා, උසාවියකින් දඩ ගෙවන්න ගිය පුද්ගලයෙකුගෙන් .(හේ)

:       0       0

බෙනට් Saturday, 11 October 2014 02:02 PM

ඇත්තට ඇයි මේ පොලිස් නිලධාරීන් හැංගිලා ඉඳල වැරදි කරන අයව අල්ලන්නේ ? හරිනම් කරන්න ඕනා පෙන්න ඉඳල වැරදි නොකරන තැනට රියදුරන් පත්කිරීම නේද ? (හේ)

:       0       0

කෝකිලා Saturday, 11 October 2014 02:15 PM

කීයක් හරි දුන්නනම් වැඩේ කෙරනවනේ.(හේ)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 13 October 2014 12:55 AM

රාළහාමිත් මනුස්සයෙක්නේ. වැරැද්දක් සිද්ධවෙන්න ඇති. හරියට අපි කතාකරන්නේ අපේ අතින් වැරදි සිදුවන්නේ නැහැ වාගේ. (නි)

:       0       0

මාලිංග Monday, 13 October 2014 01:26 AM

ඔහොම වැරදීම් වෙන්න පුලුවන්නේ! (නි)

:       0       0

චින්තක Saturday, 11 October 2014 07:51 AM

ගණන් ගන්න එපා මේ ශ්‍රී ලංකා පොලිසිය (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1234 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site