IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කටකාර කොන්දොස්තරට මිනිසකුගෙන් අපූරු උත්තරයක්

කුරුණෑගල සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් පොල්පැටෙව්වාක් මෙන් සෙනඟ පිරී ඇත. මගීහු දැඩි අපහසුවෙන් ගමන් කරති. කොන්දොස්තර සෑහීමකට පත් වී නැත. බස් නැවතුමෙන් නැවතුමට නවත්වයි. සියලූම දෙනා පටවාගනී. ඔහුගේ කට සැරපරුෂය.

මගීහු මුහුණෙන් අප‍්‍රසාදය පළ කළත් වචනයක්වත් නොකියති. බස් රථය ගලේවෙල නගරයට පැමිණෙයි. දිගු වේලාවක් හිර වී අපහසුවෙන් සිටි මගීහු බසයෙන් බිමට බසිති.

තම අප‍්‍රසාදය වචනයෙන් ප‍්‍රකාශ නොකළ මැදිවියේ පුද්ගලයකු බසයෙන් බසිනා ගමන්  කොන්දොස්තර දෙස බැලීය.

”ඇයි මොකද මගෙ මූණ බැලූවේ කන්ඩද?” කොන්දොස්තර සැරපරුෂ ලීලාවෙන් මගියාගෙන් විමසා සිටියේය.

”අනේ මම හරක් මස් කන්නේ නැහැ” යනුවෙන් පිළිතුරු දුන් මගියා එතනින් ඉවත් විය. එහි සිටි හැම දෙනාටම සිනා පහළ විය.

කොන්දොස්තරගේ කළු මුහුණ තවත් කළු විය. ඔහුගේ සැරබාල විය. බොහෝදුරක් යනතුරු ඔහු නිශ්ශබ්දවම ගමන් කළේය.
 



අදහස් (0)

කටකාර කොන්දොස්තරට මිනිසකුගෙන් අපූරු උත්තරයක්

ගුණවර්ධන Thursday, 01 May 2014 03:16 PM

ඒ වුණාට කුමාරි නංගි ඉස්සරහ බහිනවා කියල කියන්නේ කොන්දොස්තර බාප්පනේ. ඉතින් මාමා බස්සෙක නවත්වනවා, අයියෝ........(ස)

:       0       0

සුරංගි Thursday, 01 May 2014 03:31 PM

අපිටත් බස් එකක් තියෙනවා. අපේ අයියා කියනවා බස් වලින් කිසිම ලාබයක් නැහැ කියලා. ඒ නිසා තමා මෙහෙම වෙන්නේ. (ස)

:       0       0

රාජේෂ් Wednesday, 07 May 2014 06:24 AM

පුද්ගලික බස් රථවල කොන්දොස්තරලා බොහෝවිට උගත් නැහැ.උගත් අය නැතුවාම නෙ‍මෙයි.හැබැයි ඒ අය බස් හිමියන් (නි)

:       0       0

රාජේෂ් Wednesday, 07 May 2014 06:36 AM

හවසට ගෙදර යනකොට මාටියා ගහලා ගෙනියන්න ඕනෑ නිසා පුද්ගලික බස් රියදුරන් බස් වලට හිරකරලා මඟීන් පටවනවා. මේකට විසදුමක් අවශ්‍යයි (නි)

:       0       0

පුරවැසියා Friday, 02 May 2014 09:09 PM

‍කෝ මේ බන්දුල පෙරේරා තවම නැද්ද? (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 30 April 2014 09:27 AM

ඒ මැදිවියේ මගියා උගත්, එසේම තැනට ඔබින වචනය පිට කරන්න සමතෙක්. අගෙයි පිළිතුර. (ස)

:       0       0

සත්සර Wednesday, 30 April 2014 05:22 PM

ෂා! නියම කතාව! (නි)

:       0       0

මධූ Monday, 05 May 2014 06:41 AM

ඒක නම් නියම උත්තරය... (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 30 April 2014 06:19 PM

කදිම උත්තරයක්.කුරුණෑගල ඉඳලා දඹුල්ලට එන්න වාහන නොතිබුණත් ඔය ටිකේ සෙනඟ පුරවා ගන්න හැම කොන්දොස්තර කෙනෙකුටම පුදුම වුවමනාවක් තියෙන්නේ. (නි)

:       0       0

විතාන Wednesday, 30 April 2014 06:59 PM

ඇත්තටම නියම කතාව! (නි)

:       0       0

දිලුෂි Sunday, 04 May 2014 08:18 AM

අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා , තමන් දන්නා දේ හරියට කරපන් කියල පාන්කිරිත්තෙකුත් කිවලු නේද....?දරුවනේ !! (ස)

:       0       0

සත්‍යපාල Monday, 05 May 2014 11:05 PM

ඉස්සර ලංගම බස් වල හිටපු කොන්දොස්තරවරු හුඟ දෙනෙක් හරිම කරුණාවන්තයි.ඒ අය නියම මිනිස්සු. දැන් පුද්ගලික බස් වලනම් ඉන්නේ මි හරක් තමයි.ඔය බස් ඔක්කොම ජනසතු කරලා ඔය පිස්සු කොන්දළාව එළවලා දමන්න ඕන.වැදගත් උගත් කරුණාවන්ත වැදගත් විදිහට කතාකරන්න දන්නා අය වහාම පත්කරන්න ඕන. (ස)

:       0       0

නිලූ Wednesday, 30 April 2014 07:31 PM

කුරුණෑගල ඉඳලා දඹුල්ලට එන්න වාහන අඩුවක් නොතිබුණත් ඔය ටිකේ සෙනඟ පුරවා ගන්න හැම කොන්දොස්තර කෙනෙකුටම පුදුම වුවමනාවක් තියෙන්නේ. (නි)

:       0       0

විජිත Wednesday, 30 April 2014 11:05 AM

මසුරං කියමන.... (ස)

:       0       0

ධම්මික Friday, 02 May 2014 02:57 PM

පට්ට කියමන අා. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 30 April 2014 11:35 AM

ඒක තේරුම් ගන්නවත් ඒ කොන්දොස්තර මහතාට මොලයක් තිබුනද දන්නෑ. (ස)

:       0       0

මාධව Wednesday, 30 April 2014 12:54 PM

මොනවා උනත් කොන්ද පන තියෙන මිනිහෙක් ඒවගේ 100ක් හිටියනම් කොන්දොස්තරලාගේ කටවල් ටිකක් අඩුවනවා.. (දී)

:       0       0

ගාමන් Thursday, 01 May 2014 06:03 PM

බස් එක ඇතුලේ හිටපු කට්ටිය කට කනේ තියලා ටික්කි ටිකිරි හිනාවක් දැම්මනන් මරු..(*නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 April 2014 01:01 PM

කෙටියෙන් සහ රසවත්ව .... (දී)

:       0       0

ආනෝල්ඩ් Tuesday, 06 May 2014 10:12 PM

හිනා යනවා. (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 05 May 2014 10:09 AM

නිලූ විදානගේ තැටිය එක ඉරේ යනවා!! සින්දුව ප්‍රති වාදනය කරන්න එපා!!(නදී)

:       0       0

ලලිත් Friday, 02 May 2014 07:41 AM

බොහොම හොඳ කතාවක්. හැම අතින්ම හොඳයි. (ස)

:       0       0

කුසුම් Wednesday, 30 April 2014 03:00 PM

වාද කිරීමට කිරීමට යනවට වඩා, කදිම පිළිතුරක් බුද්ධිමත් මගියා දී තිබෙනවා. හැබැයි කොන්දොස්තර මහත්තයට නම් , "කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ" වෙන්න ඇති. සමහරුනට උපහාසය මුසු යමක් කීවාම අවබෝධවෙන්න ටික වෙලාවක් යනවා. (දී)

:       0       0

ඉස්මිල් Wednesday, 30 April 2014 03:17 PM

කොන්දොස්තර කියන්නෙත් මනුස්සයෙක්. එය කරන්නේ එයාගේ රස්සාව. (ස)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 01 May 2014 11:52 AM

අනේ මන්දා අපි ඉන්න රටේ බස් වැඩිය නැති හින්දා කාර් එකේ පිහිට තමා ,හැබැයි කාර් එලවන්න ගියාම එපා වෙනවා .(අ)

:       0       0

දයා අලහකෝන් Wednesday, 30 April 2014 03:24 PM

මී හරක් මස් කියල කීවා නම් තවත් වටිනවා. (ස) .

:       0       0

කුමාරි Wednesday, 30 April 2014 03:32 PM

ඒ වුණාට ඉතින් නැවතුමෙන් නැවතුමට බස් එක නැවැත්තුවේ ඩ්‍රයිවර් මාමනේ අයියෝ..... (ස)

:       0       0

ධම්ම Wednesday, 30 April 2014 04:38 PM

කට කැඩිච්ච වචන කිව්වට කොන්දොස්තර ලොකු සේවයක්නේ කරලා තියෙන්නේ. පමණට මගීන් රැගෙන අන් මගීන්ට නොනවත්වා ගියා නම් කී දෙනෙකුගේ ගමන් අඩාල වෙනවාද. මගීන් හිරවෙවී බසයට නැග්ගේ කැමැත්තෙන් නේ. එයා කෑ ගහපුවාවේ මගීන් තම තමන්ගේ ගමන ගියාවේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1258 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1215 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site