IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඔට්ටුව දිනූ බිරිඳට සැප පුටුව දී සැමියා ලිප් බොක්කේ

සිය බිරිඳ සමග ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ තරුණ දෙදරු පියෙකුට සතියක කාලයක් සිය නිවසෙහි සියලු මෙහෙවර කිරීමට නියම වූ පුවතක් මාතර නගරය සමීපයේ ගමකින් වාර්තා වෙයි.


පෞද්ගලික ආයතනයක සේවයේ නිරත සැමියා ප්‍රධාන පක්ෂයක ජනාධිපති අපේක්‍ෂකයකුට සහය පළ කළේය. ඔහුගේ බිරිඳ අනෙක් අපේක්‍ෂකයා ජයග්‍රහණය කරන බවට ස්ථිරවම ප්‍රකාශ කරමින් ඔට්ටුවක් ඇල්ලීමට ඇය සිය ස්වාමි පුරුෂයාද එකඟ කර ගෙන තිබුණි.  ඔවුන්ගේ ඔට්ටුව මේ අයුරින් තීරණය වී තිබුණි. බිරිඳ ජයග්‍රහණය කළහොත් සැමියා බිරිඳට උණු ජලය, කෑම බීම, සාත්තු- සප්පායම් ඇතුළු දරුවන්ගේ සහ නිවසේ සියලුම කටයුතු  සතියක් ඉටුකළ යුතුය.


සැමියා ජයග්‍රහණය කළ හොත් බිරිඳ සැමියාට පෙරකී සියලු සත්කාර සමග නිවසේ සියලු කටයුතු තනිව කළ යුතුය. අවසානයේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ බිරිඳ ජයග්‍රහණය කළ අතර සැමියා ඡන්ද ඔට්ටුව ඉටු  නොකර මගහැර සිටින්නට උත්සාහ කළේය. එහෙත්  ඡන්ද ඔට්ටුව තරයේ සිහිපත් කළ බිරිඳ මැතිවරණයෙන් සති දෙකකට පසු නිවසේ සියලු කටයුතු අතහැර සාලයේ සැප පුටුවක් මතට වී රුපවාහිනිය නැරඹීම ආරම්භ කළාය.


සැමියාට පාසල් යන දරුවන් දෙදෙනාගේ අවශ්‍යතා සොයා බලන්නට, කෑම පිසින්නට බිරිඳට ජලය  උණුකර දෙන්නට, නිවස අතුපතු ගා පිරිසුදු කිරීමටද සිදුව තිබේ.


පෞද්ගලික ආයතනයක සේවය කරන මොහු දින කිහිපයක්ම අසනීප නිවාඩු වාර්තා කර ඔට්ටුව ඉටුකළ බවට අවට හිත මිතුරන්ටද සැලවී තිබේ. ඡන්ද ඔට්ටුව නිසා සැමියා සහ බිරිඳ දින කිහිපයක්  යන තෙක් කිසිඳු වචනයක් කතා නොකර තරහකාරයන් ලෙසින් හැසිරුණු බව ගමේ අය කියති.
කැකනදුර ගයාන් දර්ශන



අදහස් (0)

ඔට්ටුව දිනූ බිරිඳට සැප පුටුව දී සැමියා ලිප් බොක්කේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site