IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එලොව ගිය මිතුරාගෙන් ණය ආපසු ගන්න ගිහින්

(කැලණිය ලාල් එස්. කුමාර) 
මිතුරකුට ණයක් ලබාදීමෙන් මාස කීපයකට පසු ණය නොගෙවීම නිසා මිතුරාගේ නිවස සොයා ගිය පුද්ගලයකුට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.


 සිද්ධිය මෙසේය.


 සිරිදාස සහ සුගතපාල විශ්‍රාම සුවයෙන් පසුවුවත් ඔවුහු ගජ මිතුරෝය. සිරිදාස යමක් කමක් ඇති අයකු වුවද සුගතපාල එසේ නොවුනත් ඔවුන් දෙදෙනා අතර මිතුදම කාලයක් තිස්සේ පැවතුණි.  


සුගතපාල, සිරිදාසගේ නිවසට යෑම සිදුවුවත් සිරිදාස, සුගතපාලගේ අය ගැන තොරතුරු නොදනී. දිනක් සුගතපාලට මුදලක් අවශ්‍ය විය. ඒ අනුව තම මිතුරු සිරිදාසට තම අවශ්‍යතාව පැවසුවේය. ඒ අනුව සුගතපාලට රුපියල් දසදහසක් ලැබුණේ මාසික වාරික 10කින් (රු.1000 බැගින්) ගෙවීමේ පොරොන්දුව මතයි.


 ඒ අනුව සෑම මාසයකම දෙවැනි සතියේ දී සුගතපාල නිසි පරිදි වාරිකය තම මිතුරාගේ නිවසට ගොස් දුන්නේය.


කෙසේ නමුත් මාස 6කට පසු තම මිතුරා නොපැමිණියේය. මාසයක් දෙකක් ගතවිය. සුගතපාලගේ ලිපිනය ලබාදී ඇති පරිදි ඔහු සොයා සිරිදාස ගියේය. ලිපිනයේ සඳහන් ගමට ගොස් සුගතපාලගේ නම කියා විමසුවේය.  


ඔහු එම ගෙදර නොමැති  බවත් වෙනත් ගමක නම පවසා එහි ඉන්නා බවත් අර පුද්ගලයා පැවසුවේය. හැබැයි එයාගේ ගෙදර අය නම් අතන තිබෙන හන්දියෙන් වමට හැරිලා යනකොට තුන්වෙනි ගෙදර යැයි ද පැවසුවේය.


තම මිතුරා වූ සුගතපාල ඉල්ලා ගත් ණය මුදල ගැන ගෙදර දරුවන්ට කියන එක මිතුරුකමට  හරි නැති බව සිරිදාසට කල්පනා විය.


“කමක් නැහැ මට සුගතපාල ඉන්න තැනට යන පාර කියන්න පුළුවන්ද” යැයි සිරිදාස නැවත පෙර කී අයගෙන් විමසුවේය. එහි සිට කිලෝමීටරයක් පමණ දුර  ඇති  ගමක නමක් කියා ඒ හන්දියෙන් අහන්න එතකොට කියයි. මේ ළඟදී ආවේ කියලත් කියන්නකෝ යැයි එම පුද්ගලයා පැවසීය.


“එතන ඉඳලත් තව යන්න ඕනෑද?” සිරිදාස ඇසීය. 


නෑ නෑ එතන කනත්ත තියෙනවා. ඒ වැට මායිම ළඟ ඉන්නේ. කනත්තේ මුරකරුගෙන් ඇසුවා නම් කියාවි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.


සිරිදාස ඔහුට ස්තුති කර සුගතපාල ඉන්න බව කියන ගම සොයා ගියේය. එම පුද්ගලයා පැවසූ පරිදි එම ගමේ හන්දියට ගොස් පාරේ යමින් සිටි අයකුගෙන් විමසූ නමුත් ඔහු නොදන්නා බව පැවසීය. නැවතත් ඒ අසල නිවසක සිටි  කාන්තාවකගෙන් විමසීය. ඇය ද නොදන්නා බව පැවසුවාය. 


තොරතුරු දුන් පුද්ගලයා කනත්තේ මුරකරුගෙන් අහන්න යැයි කී බව සිරිදාසට මතක් විය. සිරිදාස කනත්තේ මුරකරු සොයා ගියේය. කනත්ත දොරටුව ළඟින් ඇතුළු වනවාත් සමග “සුගතපාල මහාතට නිවන් සැප ලැබේවා” යන වැකිය සඳහන් සේයාරුවක් ඒ අසල තාප්පයේ අලවා තිබෙනු දැක කෝපයටත්, ලැජ්ජාවටත්  පත්වූ සිරිදාස තම නිවස බලා ආපසු ගියේය.



අදහස් (0)

එලොව ගිය මිතුරාගෙන් ණය ආපසු ගන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 744 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site