දකුණු පළාතේ පෞද්ගලික රෝහලක ඇස් පරික්ෂා කරන අංශයක පසුගියදා සිදුවීමකි. මැදිවිය ඉක්මවූ තැනැත්තකු ඔහුගේ දියණිය යැයි සිතිය හැකි තරුණියක සමග රෝහල් කවුන්ටරයට ආවේ මුදල් බැඳීමටය.
කවුන්ටරයේ වූ හෙදිය තරුණියගෙන් තොරතුරු විමසන අතරතුර පියාගේ ලෙඬේ ගැනද ඇසුවාය. ඇය ද පෙනීමේ දුබලතාව ගැන කීවාය. එවිට පියා නෝනා මට එක පේන්නෙ දෙක වගේ. හැම එකක්ම දෙක වගේ පේනවා. කීවේ අහිංසක ලෙස සිනාසෙමිනි.
ආ හරි කී හෙදිය රුපියල් දෙසීයක් ගෙවන්නැයි තරුණියට කීවාය. ඇය බෑගය ඇර රුපියල් සියයේ නෝට්ටුවක් හෙදියට දුන්නාය. මොහොතක් ඈ දෙස බලා සිටි හෙදිය ඔයාටත් එක දෙක වගේ පේනවා දැයි ඇසුවේ අසල සිටියවුන් සිනා සයුරේ ගිල්වමිනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එක දෙක වී පෙනෙන පියාගේ ඇස් ලෙඬේ දුවටත් හැදිලා: රුපියල් 200 ට සීයක් දීලා
අරුණ Saturday, 06 April 2013 10:13 PM
අත් වැරැද්ද ඔය හැටි ලොකු කරගන්න එපා.(නදී)
චන්ද්‍රසිරි Monday, 08 April 2013 05:59 AM
ඔය දකුණු පළාත ගැන දොඩවන අය බත් කන්නේ වම් අතින්ද? (නි)
ලංකා Friday, 05 April 2013 08:15 PM
දකුණෙන් දැන් ඇහෙන්නෙම විහිළු කතා විතරයි.(නදී)
මහේෂ් Friday, 05 April 2013 02:55 PM
කොල්ලෙක් හිටියනම් හොදට පෙනේවි ......(ස)
තුවාන් Friday, 05 April 2013 08:42 PM
දුවට තියෙන්නේ දෙක එක වෙලා පෙනෙන එක . (නි)
නිමන්ත Friday, 05 April 2013 09:01 PM
චන්ද්‍රාට ඉරිසියා වගේ. දකුණට මොකක් හරි කියන්න පුවතකුත් ආවනේ.(නදී)
චින්තන Friday, 05 April 2013 03:46 PM
රුපියල් 200 ට ඇස් පරික්ෂා කරන පුද්ගලික රෝහල මොකක්ද ? එච්චර ලාබෙට බෙහෙත් ගන්න පුද්ගලික රෝහල් දකුණු පළාතේ තියෙනවා කියල ඇහුවෙත් අදයි .(නදී)
සරත් Friday, 05 April 2013 10:26 AM
අද කාලේ සමහර දූලට එක බාගේ වගේ පෙන්නේ. (ස)
ක්‍රිෂ් Saturday, 06 April 2013 04:15 PM
පෙනීමේ විතරක් නෙවේ ඇසීමේ දුර්වල තාවයකුත් තියෙනවා වගේ.. (ස)
චන්ද සිඩ්නි Friday, 05 April 2013 04:06 PM
දකුණු පළාතේ නේද? (නදී)
සමන් අතාවුද Friday, 05 April 2013 04:44 PM
අම්මපා! මරයිනේ.(නදී)
වරුණ Friday, 05 April 2013 12:39 PM
දැන් කාලේ දූලට පෙනීම අඩුයි ටිකක්.. (ස)
අජිත් කරුණාරත්න Sunday, 07 April 2013 10:35 PM
අපේ මාසික වැටුප හදන නෝනටත් ඔය ලෙඩේ හැදිලා හැම මාසෙම පඩිය අඩුවෙනුයි හදන්නේ. (නි)