IMG-LOGO

‘එක්කුස උපන් දෝණියැන්දැට’ වස්තුව ලියා දෙන්න ගිහින්

(තිහගොඩ - උපසේන ලියනගම)
පියා සහ දියණිය එක කුස ඉපදීම පිළිබඳ මේ අපූරු පුවත පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ නීතිඥ කාර්යාලයකිනි.


සිව්දරු පියකු වූ ඔහුගේ බිරිඳ කලකට පෙර පෙනහලු පිළිකාවකින් මියගොස් තිබූ අතර ලොකු දරුවන් තිදෙනාම රැකියා ලැබ විවාහ වී ඈත පළාත්වල ජීවත් වූහ.


පවුලේ බාල දියණියට ද විවාහ යෝජනා ආවත් මේ වනවිට පියා හෘදයාබාධයකට ලක්ව සිටීම නිසා ඔහු හැර නොගියත් ප්‍රදේශයේම තරුණයකු බින්න විවාහයකට එකඟ වී ඇය විවාහ කරගෙන පියාගේ දුක සැප බැලුවේ සතුටෙනි.


පසුගිය ද‌ා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා බෑනාගේ ත්‍රිරෝද රථයෙන් දියණිය සමඟ යන විට පියා කීවේ “මගේ දේපොළ ඔක්කෝම පොඩි දුවට අන්තිම කැමති පත්‍රයකින් අදම ලියන්න ඕන” කියාය.


ඊට පොඩි දුව කැමති නොවූවත් සිය සැමියා ඊට එකඟ වීම නිසා ප්‍රතිකාර ගත් පසු නීතිඥ කාර්යාලයකට ගියේ ඔප්පු ලිවීමටය. “ලොකු උන්නැහැගේ අකුරෙන්ම ඒක ලියලා දෙන්න.” නීතිඥවරයා කී පසු ඔහු වෙව්ලන අතින් එය ලියා ඔහුට දුන් පසු නීතිඥවරයාට හිනා ගියේය.


එහි ලියා තිබුණේ “මගේ එක කුස උපන් දියණියට” කියාය.


එදෙස බැලූ පියා “ආදරේ වැඩිකමට එහෙම ලියවෙන්න ඇති. ඒක හරිගස්සන්න” කියා සිනාසුනත් පොඩි දුවගේ දෙනෙත්වල කඳුළු පිරී තිබුණාලු.



අදහස් (0)

‘එක්කුස උපන් දෝණියැන්දැට’ වස්තුව ලියා දෙන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site