(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
විහරස්ථානය අතු ගෑමට යැයි පැමිණෙන පුද්ගලයකු ඉදලේ කූරු ගලවාගෙන යෑම පිළිබඳව විමසිල්ලෙන් සිටි නායක හිමියන් ඔහුගේ අලුත් උපාය දින කිහිපයකට පසු අල්ලාගත් සිද්ධියක් අසන්නට ලැබිණ.

මොහු විහාර භූමිය දිනපතාම පාහේ අතුගෑම පුරුද්දක් කරගෙන සිටි අතර මොහුගේ ක්‍රියාව පිංවැඩක් නිසා කවුරුත් ඒ ගැන වැඩි සොයා බැලීමක්ද කර නැත.
නිතර විහාරස්ථානයට යමින් කාගේත් විශ්වාසය දිනාගත් මොහු ඇතැම් දිනවල රාත්‍රිය ද විහාරස්ථානයේ ගතකර උදේම පිටත්ව ගොස් තිබේ.
මේ අතර එහි පින්කැටයේ ඉරටු කෑලි තිබෙනු දුටු නායක හිමියෝ පින්කැටයට මේවා වැටුණේ කෙසේ දැයි සොයා බැලූහ.
මළුව අතුගාන්න එන පුද්ගලයා ගැන සැකයක් ඇති වූ නිසා ඔහුගේ ක්‍රියාව ගැන රහසේ සොයා බලන්නැයි දායක තරුණයකුට උන්වහන්සේ කී අතර එම තරුණයා දිනක් රාත්‍රියේ ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටිය දී පෙර කී පුද්ගලයා ඉරටුවක ඇලෙන සුළු චුවින්ගම් අලවා පින්කැටයට දා මුදල් නෝට්ටු එළියට ගන්නා ආකාරය දැක විහාරාධිපති හිමියන්ට ඒ බව කීය.
පුදුමයට පත් වූ විහාරාධිපති හිමියෝ “බලනවකෝ මේ මනුස්සයා කරන කැත වැඬේ” යැයි එවිට පැවසූහ.
පසුව ඔහු ගෙන්වා “තවත් මේ වැඬේ කරන්න එපා. අපි අල්ලා ගත්තා හොරකම. අනික් දවසේ අහුවුණොත් පොලිසියට බාර දෙනවා” යැයි අවවාද කර අතු ගෑමට නොපැමිණියාට කමක් නැති බව ද කියා පිටත් කර යවා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
510
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උපාසක මහත්තයා මළුව අතු ගාන රහස අතටම අහුවෙලා