IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


උපන් දිනේට කේක් හදන්න ගෙනා පාන්පිටිවලින් රොටි පුච්චන් කාලා

(තිහගොඩ උපසේන ලියනගම)
සියනෑ කෝරලයේ පිටිසරබද ගමක සිටි ඇය පවුලේ වැඩිමලාය. ප‍්‍රදේශයේ අග නගරයට ඇය දිනපතා ආවේ ගියේ රැකියාවකටය. පසුගිය දිනක යෙදී තිබුණු ඇයගේ උපන් දිනයට කාර්යාල මිතුරෝ විශේෂ සංග‍්‍රහයක් ඉල්ලූහ.


” ඕකට එච්චර වියදම් කරන්න එපා. ගෙදරින් කේක් එකක් හදාගෙන වරෙන්. මාත් උදව් කරන්නම්”  ආසන්න නිවසක වූ හිතවත්ම සෙහෙළිය කීවාය.
ඇය දුන් බඩු ලැයිස්තුවට අනුව කළමනා රැුගෙන ගිය ඇය පසුවදාට කේක් එක හැදීමට කතා කර ගත්තාය.


පසුවදා යෙහෙළිය සමග ගෙදර ගිය ඇය දුටුවේ සෙසු බඩු භාණ්ඩ ඇතත් පාන්පිටි කිලෝ දෙක එහි නැති බවය.


මේ ගැන සොයා බලනවිට නංගී කී දෙයින් ඇයට තරු පෙණිනි. ”මල්ලියි මමයි හවස ටියුෂන් ඉවර වෙලා ගෙදර ආවේ හරිම බඩගින්නෙන් අක්කේ. අපි පිටි ටිකෙන් රොටි  පුච්චගෙන කෑවා. කේක් හදන  කතාවක් අපි දන්නේ නෑ.”


මහ ? පිටි සෙවීම අත්හැරිය ඇය නංගී කළ වරදට  තාත්තාට දඩයක් ගසා කඩෙන් කේක් එකක් රැගෙන කාර්යාලයට ගියාලූ.



අදහස් (0)

උපන් දිනේට කේක් හදන්න ගෙනා පාන්පිටිවලින් රොටි පුච්චන් කාලා

යශෝධා Tuesday, 10 February 2015 04:07 PM

ඉතින් පිටි ටිකක් කඩේකින් ගිහින් ගන්න තිබුණනේ (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 February 2015 08:27 AM

රොටිය කරත්ත රෝදයට වඩා පොඩ්ඩක් කුඩා ඇති.(හේ)

:       0       0

ආනන්ද ආර්. Tuesday, 10 February 2015 04:19 PM

පිටි කිලෝ දෙකක රොටි කියන්නේ පාන් රාත්තල් හතරක් විතර. නරක නැහැ මල්ලිගෙයි නංගිගෙයි කෑමේ තරම. (නි)

:       0       0

ධනූෂි Tuesday, 10 February 2015 04:33 PM

ඒකත් ඉතින් නරකම නැහැ (නි)

:       0       0

ගමගේ Tuesday, 10 February 2015 08:31 AM

මේවට හිනා යන්නේ නැනේ (දිල්)

:       0       0

ඒකනායක Tuesday, 10 February 2015 08:33 AM

මේක නම් බොරු කතාවක් .මෙච්චර රොටි කන්න පුළුවන්ද(දිල්)

:       0       0

නෙලුම් Thursday, 12 February 2015 02:02 AM

ගෙදර කේක් එකක් හදාගන්න එක මෙච්චර ප්‍රශ්නයක්ද? හැබයි ඉතින් ඔය කියන හැටියට පිටි කිලෝ දෙකකින් කේක් හදන්න වෙනවා නම් මේ කාර්යාලයේ කර්මාන්ත ශාලාවක තරම් ලොකු කාර්ය මණ්ඩලයකුත් ඇති. (නි)

:       0       0

නීල් Tuesday, 10 February 2015 09:21 AM

කිලෝ 2න් රොටි හදලා ? (හේ)

:       0       0

හෂාන් Tuesday, 10 February 2015 04:01 AM

නංගිටයි, මල්ලිටයි කේක් කෑල්ලක් ගෙනත් දුන්නොත් තමයි හොඳ (නදී)

:       0       0

ධනුක Tuesday, 10 February 2015 09:29 AM

මෙතැන් පලවෙන සමහර කතාවල් විශ්වාස කරන්න අමාරුයි. අද කාලයේ ටියුෂන් ගිහින් බඩගින්නේ ගෙදර එන ළමයින් තනියම රොටි හදාගෙන කනවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද ?(හේ)

:       0       0

හෂාන් Tuesday, 10 February 2015 04:03 AM

මේ හිනා යන කතාවක්ද ? (නදී)

:       0       0

ඉන්දුශ්‍යාමා ජයකොඩි Wednesday, 11 February 2015 09:00 AM

පෙිටි ගණන් කියන්නෙ එහෙනම් (බ)

:       0       0

අබරන් Tuesday, 10 February 2015 11:19 PM

ගමටම රොටි කන්නදීලා වගෙයි (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Tuesday, 10 February 2015 04:17 AM

පිටි කිලෝ දෙකක රොටි කන්න යෝධ ළමයි දෙන්නෙක්නෙ. අනික පුදුමයි රොටි හදාගෙන කන්න දන්නා ළමයි ඉන්නවා කියන්නේ (දිල්)

:       0       0

දුම්මලසූරිය Tuesday, 10 February 2015 05:47 AM

පාන්පිටි කිලෝ 2න් රොටි හදල දෙන්නයිද කාල තියෙන්නේ? දෙයියෝ සාක්කි ...මෙහෙම රොටි කෑමක්. (දිල්)

:       0       0

ඇන්ටන් Tuesday, 10 February 2015 11:28 AM

ඕනෑම ගමේ කඩයක පාන්පිටි ගන්න තියෙනවා. (ර)

:       0       0

නිහාල් Tuesday, 10 February 2015 06:55 AM

පිටි කිලෝ දෙකක කේක් හදන්න එ්කත් පුදුම කේක් කෑමක්. (නදී)

:       0       0

නුවන් Tuesday, 10 February 2015 06:58 AM

එ්කනේ යහපාලනයෙන් පාන්පිටි මිල අඩු කලේ ඕකට තමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site