බිංගිරිය වික්ටර් සෝමවීර
උපන් දින උත්සවයක් වෙනුවෙන් දහවල් ආහාර අනුභවය සඳහා ඇණවුම් කළ ඉදි ආප්පවල ගාස්තුවට අමතරව ඉඳිආප්පයක් සඳහා රුපියල් එකයි පනහ බැගින් ප්‍රවාහන කුලියක් අයකර ගත් පුවතක් සත්කෝරළයට අයත් ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.
පසුගිය දිනෙක උපන් දිනය සැමරීම නිමිති කරගෙන විසිරී සිටින පිරිසකට සුහද ආරාධනාවක් කොට තිබුණි.
හිතවත් යහළුවන් තම තමන්ගේ වාහනවලින් මෙන්ම ඇතැම් දුර බැහැර පිරිස් ලංගම හා පෞද්ගලික බස්රථ මගින්ද පැමිණ උත්සවයට සහභාගි වී සිටියහ.
මෙසේ පැමිණි හැම කෙනෙකුම කේක් බිස්කටි චොක්ලට් ඇතුළු තවත් තෑගි බෝග ආදියද රැගෙන විත් තිබිණි. පැමිණ සිටි පිරිස සතුටු සාමිචියේ යෙදෙමින් කාලය ගත කොට පසුව තේ පැන් සංග්‍රහයට සහභාගි වූහ.
ඉන් පසුව සූබ මොහොතකට අනුව උපන් දින කේක් ගෙඩිය කැපීමට කාලය වෙන් කරගෙන පැමිණ සිටි හිතවතුන් ගේ සහභාගිත්වයෙන් කේක් ගෙඩිය කපා උපන් දිනය හිමිකරුට කේක් කැවීම සිදුකෙරිණි.
සෙසු අයටද එහිදි කුඩාවට කපා ගත් කේක් කෑලිවල රස බලන්නට හැකි වූ අතර කැමරා ෆෝන් භාවිතයෙන් එකිනෙකා පින්තූර ගත්හ.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවි ගොස් දහවල් කෑම අනුභවය සඳහා සියල්ල සූදානම් කොට තිබුණි. එහෙත් අඩුපාඩුවකට තිබුණේ ඇනවුම් කරන ලද ඉඳිආප්ප ඕඩරය සාදය පැවැති ස්ථානය වෙත ළඟා වී නොතිබීමය.
එහෙත් වැඩි වේලාවක් ගතවන්නට පෙර ඉඳිආප්ප ඕඩරය නිවෙස වෙතටම ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කොට තිබුණි. එලෙස රැගෙන එනලද ඉඳිආප්ප ඇසුරුම් කරන ලද ඉඳිආප්ප පෙට්ටියේ අඩංගු එක් ඉඳි ආප්පයක මිල රුපියල් පහක් වූ අතර සම්බෝල සඳහා එයට තවත් රුපියලක් එකතු කළේය.
එයට අමතරව ප්‍රවාහන කුලිය වෙනුවෙන් එක් ඉඳිආප්පයකට තවත් අමතර රුපියල් එකයි පනහක මුදලක් අය කළේය.
මේ අනුව සම්බෝලයටත් ප්‍රවාහන ගාස්තුවත් වෙන වෙන ම අයකළ හෙයින් උපන් දින සාදයට රැගෙන එන ලද ඉඳිආප්ප වෙනුවෙන් එක් ඉඳි ආප්පයකට රුපියල් හතයි පනහ බැගින් ඉඳිආප්ප වෙළෙන්දාට මුදල් ගෙවීමට උපන් දින හිමිකරුවාට සිදුවිය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉඳිආප්පෙටත් මීටරය නැගලා
vernon Wednesday, 18 June 2025 09:03 AM
දැන් මෙතන මොකක්ද පත්තරේ දාන්න තරම් වෙලා තියෙන්නේ? ඉඳිආප්ප වෙළෙන්දාට ඇඩ් එකක් දාලා දෙන්නද?
Tissa senanayake Wednesday, 18 June 2025 12:24 PM
මම ඉන්නේ ගම්පොල කඩේට ගිහිල්ලත් ඉඳිආප්පයක් ගන්නේ රුපියල් 10 කට. මේක ලාබයිනේ?
Pradeep Kumara Wednesday, 18 June 2025 02:26 PM
සප්ලයර් ගේ කන්ටැක්ට් නොම්මරයක් තියනවා නම් පල කරන්න පුළුවන්ද? පොල් සම්බෝලෙකුත් එක්ක ඉඳිආප්පයක් 7.50ට කොහෙත්ම පාඩු නෑ...