(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
ගල් ගුහාවක ඇතුළත සිටි ඉත්තෑවකු මරා ගැනීමට ගල් ගුහා කටේ පොල් ලෙලි දමා දුම් ගසද්දී තඩි නාගයකු ගුහාවෙන් එළියට පැමිණීමෙන් බියට පත් වයෝවෘද්ධ දඩයක්කරුවකු අනූනවයෙන් ජීවිතය බේරාගත් පුවතක් කෑගල්ල ගලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඔහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කාලයක සිට කැලේ ජීවත් වන විවිධ සතුන් මරා මස් කර කෑම පුරුද්දක් ද කරගෙන සිටියේය.
කැලේ සිටින වන සතුන් දඩයම් කර ගැනීමට පහසුව සඳහා ඔහු බල්ලන් කිහිප දෙනකු ද පුරුදු පුහුණු කරගෙන සිටියේය.
මෙම දඩයක්කරුගේ නිවෙසට යාබද ඉඩමේ පිහිටි කන්දේ ගල් ගුහා කිහිපයක් ඇත. එම ගල් ගුහාවල සිටින ඉත්තෑවන් අල්ලා මස් කිරීමට පුරුදුව සිටියේ එයින් ඔහුගේ අත මිටටද මුදල් ගලා එන මාර්ග ද සකසා ගෙන තිබූ බැවිනි. ගුහාවේ කට අසල පොල් ලෙලි තබා දුම් ගසා ඉත්තෑවන් එළියට පනිද්දී බල්ලන් ලවා ඔවුන් අල්ලා ගැනීමට පුරුදුවී සිටියේය.
සුපුරුදු පරිදි ඉකුත් දිනකදී නිවසේ ඇතිදැඩි කරන බැල්ලියක අසල බෙනයක ඉව කරනු දැක එහි ඉත්තෑවකු ඇතැයි සිතා පොල් ලෙලි ටිකකුත් පොල්ලකුත් රැගෙන බල්ලන් තුන්දෙනා සමග ගල් ගුහාව අසලට ගොස් දුම් ගසමින් සිටියේය.
බල්ලන් තුන්දෙනා ද ඇස් පිය නොගසා ගල් ගුහාව දෙස බලා සිටියේ ගල් ගුහාවෙන් ඉත්තෑවන් එළියට පනින තුරුයි.
ගල් ගුහාවේ දුම් පිරී ගිය අවස්ථාවේ දී එක පාරට ගුහාවේ දුම් සැර ඉවසා දරාගත නොහැකිව විශාල නාගයෙක් ගුහාවෙන් එළියට පැන්නේ පෙණය ද පුප්පාගෙනය. දඩයක්කරුට ඉහ මොළ රත්විය. දඩයක්කරුගේ ජීවිතය බෙරුණේ අනූනවයෙනි. බල්ලන් තිදෙනාද දිවගොස් නතරවීයේ නිවෙස අසලය.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉත්තෑවන් අල්ලන්න ගියාම තඩි නයෙක් පාඩමක් උගන්වලා