කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අක්ෂි වෛද්‍ය පරීක්ෂණයේ දී දෝස සහිත ඇස, දෝස රහිත ඇසෙන් ආවරණය කිරීමට ගොස් අලි අමාරුවක වැටුණු රියැදුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඔහු ගියේ රියදුරු පැදවීමේ බලපත් ලබාගැනීම සඳහා අක්ෂි පරීක්ෂණයටය. ඔහුට එක ඇසක ආබාධයක් හට ගත්තේ වයසත් එක්කය. මේ දෝෂ සහිත ඇස නිසා වෛද්‍ය පරීක්ෂණය අසමත් වේයයි ඔහු සිතුවේය. එය අසුවුවහොත් තමාට රියැදුරු බලපත ලබා ගැනීමට නොහැකිවේ යැයි ද සිතට ආවේය. ඒ නිසා එයින් බේරීමට ඔහු උප්පරවැට්ටියක් ගැන ද සිතුවේය.
නිලධාරියා ඔහුගේ දෙඇස් පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. එක ඇසක් වසා දුර සිට පුවරුවක ඇති ඉලක්කම් කීම ඒ පරීක්ෂණයයි. ඇස වසා ගැනීමට දී තිබිණේ ටිෂූ කඩදාසියකි. එය තුනට හතරට නවා තිබුණේය.
එක ඇසක් වසා පුවරුව කියවීමේදී වසන ලද ටිෂූ කඩදාසිය අල්ලන හැටි නිලධාරියාට ඇල්ලුවේ නැත. එය අල්ලා තිබුණේ ඇඟිලි දෙකක හිඩසක් තබාගෙනය. නිලධාරියා එය පරීක්ෂා කළේය. ටිෂූ කඩදාසිය පෑනකින් ඉතා සිරුමාරුවට සිදුරු කර කුඩා ගුලක් හදාගෙන තිබෙනු දුටු එම නිලධාරියාට අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවා යයි කියවුණේ ඉබේටමය.
ඔහු කළ මේ වංචාව එදා අක්ෂි පරීක්ෂාවේ පෝලිමේ සිටි අයට නිලධාරියා කියද්දී එම පරීක්ෂණ අතරමගම ඔහු එතැනින් හෙමිහිට මාරුවී ගියේලු.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇහැ බේරාගන්න ගිහින් අමුතු කුණක් කන්න වෙලා