IMG-LOGO

ඇඳුරුම්කමට වාහනේක නැගලා අලි ජංජාලයක වැටිලා

(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර) නගරයේ බාබර් සාප්පුවක හිමිකරුවෙකි. ඔහු සහභාගි විය යුතුම සත්දින පින්කමකට සහභාගීවීමට මිතුරන් කිහිපදෙනකු සමගින් කතිකා කරගත්තත් තමන්ගේ වැඩරාජකාරි අවසාන මොහොත දක්වාම නිමකිරීමට අපොහොසත්වීම නිසා මිතුරන්ට ප්‍රමාද වී තිබිණ. ඇමතුම් කිහිපයක්ම ගෙන තිබුණත් අදාළ බාබර් මහතා ඊට ප්‍රතිචාර නොදැක්වූ නිසා මිතුරන් පිටත්ව තිබුණේ පින්කම් ගෙදර කුලියාපිටියෙන් දුර බැහැර ආණමඩුව ප්‍රදේශයක් ආශ්‍රිතව ඇති බැවිනි.
කෙසේ වෙතත් බාබර් මහතා නිවෙසට ගොස් නා පිරිසුදුවී මහමගට පැමිණ කථාකරගත් වාහනය පැමිණෙන තෙක් බලා හිඳ ගමන් සංවිධායකවරයාට ඇමතුමක් ගත්විට කන පිරෙන්නම වාග් ප්‍රහාරයක් පැමිණ තිබුණත් පසුව එකම මිතුරන් පිරිසක් නිසා ගමෙන් තව වාහන පැමිණෙන බව දන්වා බාබර් මහතාට ඉන් වාහනයක නැගී එන්නැයි දන්වා ඇත.
 
එසැණින් ගුරුමහතකු සිය බිරිය සමගින් මෝටර් රථයක පැමිණ පාගමනින් නගරය දෙසට යන බාබර් මහතා නගරයට කැඳවාගෙන යාමට කළ ආරාධනයෙන් මෝටර් රියට නංවාගත් පසු සර් කොහේ යන ගමන්දැයි විමසීය. අදාළ ගුරු මහතාද අපි මේ බණ ගෙදර යනවා යැයි පැවසූවෙන් බාබර් මහතාගේද හිසේ මලක් පිපිණ. 
 
එහෙත් අදාළ ගමන යායුතු දිසාවට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් ගනිද්දී බාබර් මහතා විමතියෙන් ඒ පිළිබඳ බලා සිටියත් විමසීමක් සිදුකර නොතිබිණ. පසුව පිංකම් ගෙදර ආසන්නයේදී සර් මම අදයි දන්නෙ ආණමඩුවට එච්චර කලින් පැමිණිය හැකි බව පැවසීමෙන් අදාළ ගුරුවරයා විමතියට පත්ව ‘මොන ආණමඩුවද මේ වැවගම’ යැයි පැවසීය එවිට බාබර් මහතා ‘මේ අපි අවෙ ලොකුහාමුදුරුවන්ගෙ තාත්තගෙ බණ ගෙදර නෙවෙයිද?’ විමසූ විට ගුරුවරයාට සිදුවීම වැටහී ‘අනේ පුතේ අපිත් ඒකට යන්න හිටියෙ. ඒත් මේ අපේ ගුරුවරයෙක්ගෙ පින්කම් ගෙදරක්’ යැයි පැවසීමෙන් බාබර් මහතාට දෙලෝ රත්විය. එහෙත් ලැජ්ජාව හංගාගෙන ‘දැන් ඉතින් මොනවා කරන්නද සර් බණ නම් කොහෙන් ඇහුවාම මොකද’ කියමින් බණ අසා රාත්‍රී භෝජන සංග්‍රහයත් භුක්තිවිඳ පැමිණියා ලු.



අදහස් (0)

ඇඳුරුම්කමට වාහනේක නැගලා අලි ජංජාලයක වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site