IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇඳුම් මාරුකරන ළඳට බැල්ම හෙළා වැඩේ වැරදිලා

නිවසක් වැටලීමකට ආ නිලධාරීන් කිහිප දෙනකු අතරින් එක් නිලධාරියකු නිවසේ කාමරයක ඇඳුම් මාරු කරමින් සිටි තරුණියක දෙස මහත් ඕනෑකමින් ජනේලයකින් බැල්ම හෙළීම නිසා ඇගේ බැණවැදීමක් සමග ලැජ්ජාවට පත්වූ ඔහු නිවසේ වැඩිහිටියන්ට නොදැනෙන සේ හීන් සැරේ මාරුවීමේ සිද්ධියක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකින් වාර්තා විය.


ගම පුරා පැතිරී ගිය සිද්ධිය මෙසේය.


නිවෙස් හිමියා තම බිරිඳගේ සහ දරුවන්ගේ අකැමැත්ත උඩ සහ ඔවුන් බිය කරගෙන කුඩු ජාවාරම කරගෙන යන්නෙකි.
ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් මෙම  ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ නිවස වැටලීමට නගරයට ආසන්නව පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලයක නිලධාරීන් පිරිසක් ඉකුත් දිනෙක මධ්‍යම රාත්‍රියේ එම නිවසට පැමිණියහ. මෙය ඉවෙන් මෙන් දැනුණ ජාවාරම්කරු තමන්ගේ වැඩිමල් ගැහැනු දරුවන් දෙදෙනා අසල පිහිටි ආච්චි අම්මාගේ නිවසේ රඳවා බිරිය සහ කුඩා දැරිය රැගෙන පලාගියේ නිවසේ පස්ස දොරෙනි.


නිවසේ ගේට්ටුව සහ දොර ජනේලවලට ඉබි යතුරු දමා තිබූ හෙයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා පැමිණි නිලධාරීන් ආපසු හැරී  ගොස් තිබේ. ආච්චි අම්මාගේ නිවසේ රැය ගත කළ තරුණියන් දෙදෙනා පසුවදා උදේ තමන්ගේ නිවසට ගියේ පන්ති යාමට සුදූනම් වීමටය. ඒ වනවිට උදේ හත පමණ වී තිබිණි.


පෙර රාත්‍රියේ ආ නිලධාරීහු ආපසු මේ වෙලාවට ඇවිත් නිවස හැම පැත්තෙන්ම වැටලූහ. සමහරුන් නිවසේ වහලෙන් නිවසට තුළට ඇතුළු වන්නට උත්සාහ කළහ. ඒ  කිසිවක් කරගන්නට ඔවුන්ට නොහැකි විය. ජාවාරම්කරු නිවසේ නොසිටි අතර  සිටියේ තරුණියන් දෙදෙනා පමණි. ඉන් වැඩිමල් තරුණිය කාමරයේ ඇඳුම් මාරුකරමින් සිටියාය.


ඒ වනවිට නිවස වැටලූ එක් නිලධාරියකු නිවසේ ජනේලය තුළින් කාමරයේ ඇඳුම් මාරුකරමින් සිටි තරුණිය දෙස මහත් ඕනෑකමින් බලාගත් දෙසම බලා සිටියේය. මෙය දුටු තරුණිය දැඩි අපහසුතාවට පත්වූවාය. ඇය නිලධාරියා දෙස බලා මහා හයියෙන් දොස් නැගුවාය.


ඒ සමගම නිලධාරීන් කිහිප දෙනෙකු පස්සා දොරෙන් නිවසට ඇතුල් වී  සෝදිසි කරන්නට පටන් ගත්හ. කිසිවක් අත්අඩංගුවට ගැනීමටද නොහැකි විය. නිලධාරීන් ආපසු යාමට හැරුණාහ. තරුණිය ළඟට විත් ‘‘කෙනෙක්ව අල්ලන්න ආවානම් ඒ කෙනා අල්ලාගෙන යනවා මිසක් ඇඳුම් මාරු කරන ගැහුනු ළමයි දිහා බලාගෙන ඉන්නේ මොන ලැජ්ජා නැති කමකටද?’’ කියා කාටත් ඇහෙන සේ බැණ වැදුනාය. නිලධාරීන්ට මෙය ප්‍රශ්නයක් විය


අදාළ නිලධාරියා අඩියට දෙකට පස්ස නොබලාම එළියට පැන ගියේය. බලා සිටි අසල්වැසියන්ටද මෙය කන වැකුණි.

 

මොදර සී. ඉග්නේෂස් ඇන්තනී



අදහස් (2)

ඇඳුම් මාරුකරන ළඳට බැල්ම හෙළා වැඩේ වැරදිලා

බී අමරසිංහ Sunday, 12 June 2022 11:15 AM

ඕවා ප්ලෑන් කරලා කරන වැඩ.. ගැහැණු කෙනෙක් ඇඳුම් මාරු කරන කොට පොලීසිය ඇතුළට යන්නේ නෑ...

:       0       9

Like Monday, 13 June 2022 08:20 AM

ලැජ්ජයි ඔහොම බලන අයව රිමාන්ඩ් කරන්න ඕනේ..

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site