IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇඳුමට රැවටිලා පාරේ පිනුමක් ගහලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
පොලිස් නිලධාරියකු යැයි සිතා කාකි ඇඳුමක් ඇඟලා ගත් නිලධාරියකු මග හරින්නට රේස් ගොස් අත පය කඩාගත් චූන් පාන් වෙළෙන්දකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය, 


ඔහුගේ පියා බේකරියක චූන් පාන් ත්‍රී රෝද රථයක සේවය කරන අතර අසනීප තත්ත්වයක් නිසා රැකියාවට යාමට නොහැකි හෙයින් සිය පුතාට එම දිනවල චූන් පාන් ත්‍රී රෝද රථය රැගෙන යන ලෙස පැවැසීය.


ත්‍රීරෝද රථ පැදවීමට හොඳ පුරුද්දක් තිබුණ ද ඔහුට ඇති එකම අඩුපාඩුව වූයේ රියැදුරු බලපත්‍රය නොමැති කමය. කෙසේ වෙතත් පවුලේ ආර්ථිකය රඳා පවත්වාගෙන යන්නේ සිය පියාගේ රැකියාවෙන් නිසා ඔහු පියා නොමැති දිනවල එම රැකියාව කළේය. තරුණයකු වූ ඔහු වෙනදාට වඩා වෙළෙඳාම සරුවට කරන බැවින් ඔහුගේ රියදුරු බලපත්‍රය බේකරි හිමියාට ගැටලු‍වක් නොවීය. කෙසේ වෙතත් දින කිහිපයක් කිසිදු කරදරයක් නොමැතිව සිය චූන් පාන් රැකියාව සිදු කළ තරුණයාට අලි ජංජාලයක් විය.


ඒ හන්දිය අසල දී ඔහුගේ චූන් පාන් ත්‍රී රෝද රථයට කාකි ඇඳුමක් ඇඟලාගත් නිලධාරියෙක් අත දමා රිය නතර කිරීමට උත්සාහ කිරීමෙනි. 


 රථය නොනැවත්තු ඔහු ආ වේගයට වඩා වේගයෙන් ගමන් කරද්දී කාකි ඇඳුම ඇඟලා ගත් නිලධාරියා සිතා ඇත්තේ ඔහු නොදැක චුන් පාන් රියැදුරු යන බවය. හඹාගොස් කෙසේ හෝ පාන් ගෙඩියක් මිල දී ගැනීමට සිතූ ඔහු ද චූන් පාන් ත්‍රී රෝද රථය පිටුපසින් ලුහු බැන්දේය. තමන් පසු පසින් ලු‍හුබැඳ එන්නේ නිසැකවම පොලිසිය බව සිතා චූන් පාන් තරුණයා වේගයෙන් ගමන් කරද්දී රථය පාලනයෙන් ගිලිහී අසල තිබූ කුඹුරකට පෙරළී ගියේය..


  ඔහු අසලට පැමිණි නිලධාරියා වූයේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාය.  ‘‘අයියෝ මල්ලි මම පාන් ගෙඩියක් ගන්න ආව දුරක්”‍ යැයි  ඔහු පවසද්දී  චූන් පාන් තරුණයාට මොහු පොලිස් නිලධාරියකු නොව පී.එච්.අයි කෙනෙකු යැයි දැක දෙවියන් සිහිවී තිබේ. 
 ‘කවුද දන්නේ ඔහොම දෙයක් යැයි’ පැවසු තරුණයා සිය අත පයේ වේදනාව අතරම පාන් ගෙඩියක් දී වට වූ පිරිස සමග එක්ව ත්‍රී රෝද රථය කෙළින් කර යළි ගමන ඇරඹියේ චූන් පාන්  බෙදීම නිමාකර අනිවාර්යෙන්ම ප්‍රතිකාර සඳහා රෝහලට යා යුතු බවද තේරුම් ගනිමිනි.



අදහස් (1)

ඇඳුමට රැවටිලා පාරේ පිනුමක් ගහලා

pakeer Thursday, 23 September 2021 01:35 PM

තාත්තට සනීප නැහැ .කොරෝනද දන්නේ නැහැ .පුතා පාන් බෙදනවා .අනේ මන්ද මේවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 119 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site