කුරුණෑගල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණ කතාවකි. අලුත විවාහ වූ ජෝඩුවක් ඉතාම සතුටින් කාලය ගත කළත් ඔවුන්ට අගහිඟකම් වැඩිවිය. පවුලේ ආදායම් මාර්ගය වූ ගොවිතැන ද පොහොර නොමැතිව නිසරුවීම ද ලොකුම ප්‍රශ්නය විය. මේ කාලයේ අත මිට සරුකර ගැනීමට නම් රට රැකියාවකට යා යුතු බව බිරිඳ සැමියාට පැවසූ විට ඔහුගේ කැමැත්ත ද ලැබුණි. සහතික බලපත්‍ර ආදි සියලුම දේ සකස් කරගත් අැය රැකියාවට මැද පෙරදිග ගියාය.

සැමියා තනිවම හුදකලාවේ නිවසෙහි ගත කරන්නේ දුක ශෝකය අත් විඳිමිනි. ගෙවල් දෙකකට එහායින් සිටි වැන්දඹු කාන්තාවක සමග පෙමින් බැඳුණ ඔහු රැය ගත කිරීම සඳහා ඇයට තම නිවසට එන්නැයි ඇරයුම් කළේය. ඇරයුම පිළිගත් ඇය මසකට දෙතුන් සැරයක් ඔහුගේ නිවසට ගිය අතර මේ සිදුවීම කාටත් රහසක් නොවීය. සෑහෙන මුදලක් උපයාගත් බිරිඳ වසර දෙකකට පසුව ඔහු සොයා ආවේ අනාගත පෙම් සිහින මවමිනි. සැමියාගේ නිදන ඇඳ දුටු බිරිඳගේ පපුව හොස් ගා දැවී ගියේ නොසිතූ ලෙසිනි.
‘‘කාගෙද අනේ මේ ඇඳ උඩ තියෙන රතු පාට මල් මල් චිත්තෙ? මට මෙහෙම එකක් තිබුණේ නැහැනෙ’’
‘‘ඕකට කලබල වෙන්න එපා. අපේ නොබෙදූ ඉඩම ගැන කතා කරන්න පදවියේ ඉන්න අපේ මහප්පගේ දුව ආවා. මම එයාට ඇඳ දීල එළියෙ පැදුරක නිදාගත්ත. එක රැයයි හිටියෙ.’’ එහෙත් බිරිඳගේ සැකය දුරුවුණේ නෑ.
මහප්පාගේ දුවට දුරකතන ඇමතුමක් ගත් ඇය විස්තර ඇසූ විට තමා පැත්ත පළාතක ආවේ නැති බවත් ළඟ දී එන්න සිතා සිටින බවත් ඇය කීවාය.
යක්ෂාරූඪ වූ බිරිඳ ‘‘ඈ මනුස්සයො තමුසෙ බොරු නේද දෙසා බෑවෙ. මම කෝල් එකක් දුන්න. මෙහෙ ආපු එකක් නෑ කියලා නංගි දැන් කීවෙ. තමුසෙගෙ නාඩගම මම හොයා ගන්නම්කො. මම ඕවට කලබල වෙන්නෙ නෑ. රතු මල් වැටුණු චීත්තය අතට ගත් ඇය පාර අයිනට විසිකර දැමුවේ හිතක් පපුවක් නැති ගානටය.
එතෙර සිට ආ යුවතිය හමු වී දුක සැප බෙදා ගැනීමට අල්ලපු ගෙදර තරුණියක් ද ආවාය.‘‘මෙන්න අක්කේ රන්මලී අක්කගෙ චීත්තයක් පාර අයිනෙ තිබිල මට හම්බ වුණා. බල්ලෙක් ගෙනැල්ල වෙන්න ඇති මගේ හිතේ’’තරුණිය කීවාය.
එය ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම වගේ විය. ගිනියම් වූ යකඩයක් සේ වූ ඇය දෙස් දෙවොල් තබමින් සැමියාට පහර දෙන්නට වූවාය. ඔහුට කට උත්තර ද නැති විය. තරුණිය මැදට පැන ආරවුල බේරුවේ නැතිනම් කුමක් වේදැයි සිතන්නට බැරිවිය.
බලාපොරොත්තු කඩ වී තරුණිය ආපසු ගිය අතර සිද්ධිය ගම පුරා පැතිරී ගියේ ලැව් ගින්නක් මෙනි.
නිකදළුපොත - කරුණාදාස සපුතන්ත්‍රී
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳට ආ චීත්තෙන් සැමියාගේ මනමාලකම එළිවෙලා