IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඇඩ්‍රස් වැරදිලා ජල නළෙන් ගෙට හුළං ඇවිත්

හෝමාගම ප්‍රියන්ත ජයලත්
ජල සැපයුම් විසන්ධි කරන සේවකයාගේ ලිපිනයට අයත් නිවෙස මාරුවී වෙනත් නිවසක ජල සැපයුම විසන්ධි කිරීමේ පුවතක් නුගේගොඩ ඇඹුල්දෙණිය බෝධිය පාර ප්‍රදේශයෙන් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


සිද්ධිය වූ දින නිවසේ හිමිකරුවන් නිවෙසින් බැහැරව ගොස් සිට ඇත. එදින සවස නැවත නිවෙසට පැමිණ සුපුරුදු පරිදි ජලය පරිහරණය කරමින් නිවසේ වැඩ කටයුතු කරගෙන ගොස් තිබේ. 


ඊට පසුදින නැවත සුපුරුදු පරිදි නිවසේ කෑම සකස් කරමින් සිටිය දී ටිකෙන් ටික ජල සැපයුම අඩාළ වී ගොස් ජල සැපයුම හිටි හැටියේ සම්පූර්ණයෙන්ම නැවතී ඇත. පසුව නිවසේ හිමිකරු විසින් ජල ටැංකිය පරීක්ෂා කිරීමේ දී එහි ජලය නැති බව පෙනී ගියේය. අනතුරුව ඔහු එසේ වීමට හේතුව කුමක්දැයි විපරම් කරමින් ජල මීටරය තිබෙන ස්ථානයට ගොස් ඇත. එහිදී ඔහුට ජල සැපයුම විසන්ධි කර ඇති බව දැකගන්නට ලැබිණ. 


ඔහු එසේ වීමට හේතුවක් නොමැති බව සිතමින් ජල සම්පාදනයේ සේවකයන් විසින් ජලය විසන්ධි කර ඇති බවට එහි තබා ගොස් තිබූ දැන්වීම අතට ගෙන කියවා ඇත. එම අවස්ථාවේ ඔහුට දෙවියන් සිහි විය. 


එම ජල බිල් පතේ ලිපිනය වෙනත් නිවෙසකට අයත් ලිපිනයක් බවත් ජල සම්පාදනයේ සේවකයන්ට වැරදීමකින් මෙය සිදු වී ඇති බවත් එම අවස්ථාවේ ඔහුට වැටහිණ.


ඔහු ඒ පිළිබඳව වහාම ජල සම්පාදන මධ්‍යස්ථානයට දැනුම් දී ඇත. අනතුරුව එහි සේවකයෝ නැවත පැමිණ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ලිපිනයට අයත් නිවෙස සොයා එම නිවසේ ජල සැපයුම විසන්ධි කිරීමට කටයුතු කළහ.

 



අදහස් (0)

ඇඩ්‍රස් වැරදිලා ජල නළෙන් ගෙට හුළං ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site