IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ආසාවට මෝටර් රියට ගොඩවී පෙර පාසල් ගමනත් හබක්

(මැදිරිගිරිය චාපා මධූභාෂිධෑ)

පෙර පාසලට ගිය පළමුදාම පෙර පාසල් ගමන නතර කර දරුවා ගෙදර නවතා ගැනීමේ අපූරු පුවතක් මැදිරිගිරියට ආසන්න ගමකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. පවුලේ එකම දරුවාය. ඒ නිසාම ඔහුට පවුලේ සහ අවට හැමෝම දැඩි ලෙස ආදරය දැක්වූහ. කාගේත් හුරතලයට හැදුණු දරුවා තරමක් කෙළිලොල්ය.

කතාවට පමණක් නොව වැඩකටයුතුවල දී කාගේත් සිත් ඇද ගත් ඔහු සිඟිති විය පසුකරද්දී මූලික අධ්‍යාපනය ලබාදීමට ළඟම ඇති පෙර පාසලකට යොමු කිරීමට මවුපියෝ කටයුතු කළහ. පෙර පාසල පටන්ගන්නා දිනය පැමිණියේය. දරුවා මව සහ පිය සමග ලස්සනට හැඳ පැළඳගෙන පෙරපාසලට ගියේය. පෙර පාසලේ දමා යද්දී සෙස්සන් හඬා වැටුණත් සිඟිති හැඬුවේ නැත. “අම්මා මා එක්කරගෙන යන්න එන්න” යැයි කියා මව සහ පියා නිවෙසට පිටත් කර යැවූ සිඟිත්තා දහවල් 10ට පමණ පෙනෙන්නට නොසිටියේය. හැමතැනම ඔහු සෙවූවත් පෙනෙන්නට නොසිටියේය. දැඩි කලබලයට පත්වූ අසල්වාසීහු ද සිඟිත්තා සෙවීමට එකතු වූහ. එහෙත් ඔහු පෙනෙන්නට නොසිටියේය. මේ අතර පෙරපාසල ආසන්නයේ ඇති නිවෙසකට පිට පළාතක පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටියහ. 

එහි එක් පුද්ගලයකු කිසියම් කටයුත්තකට මෝටර් රථයට ගොඩවිය. ඒ සමග පිටුපස ආසනයේ වාඩිවී සිටි කුඩා දරුවකු හරි “මාමි දැන් යමු” යැයි කීවේය. ඔහු දැඩි කලබලයට පත්විය. නිවැසියන්ට සිද්ධිය සැල කළේය. අසල පෙර පාසලෙන් අතුරුදන් වූ දරුවා මොහු බව අවබෝධ කරගෙන ඔහු පෙරපාසලේ පාලිකාවට බාර දුන් අතර දරුවාගේ පෙරපාසල් ගමන ද පළමු දිනයෙන්ම අහවර විය. පෙර පාසලේ සිටින අතරතුර දරුවා ඒ අසල නිවෙසක නවතා තිබූ මෝටර් රථයට ආසාවට ගොඩවීමෙන් මෙම අකරතැබ්බය සිදුවිය.



අදහස් (0)

ආසාවට මෝටර් රියට ගොඩවී පෙර පාසල් ගමනත් හබක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site