IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ආරොන් උපාසකගේ තේ කොත්තමල්ලි කෝපි පානය

මීට දශක කීපයකට පෙර වයඹ පළාතේ ඈත පිටිසර ගම්මානයක පැවැති පිරිත් පිංකමකදී සිදුවීමකි. මෙම ගම්මානය බත බුලතින් සරුසාර සුන්දර ගමකි. එහි ජීවත්වූ පුදුගලයෙකි අප්පුහාමි. ඔහු විසින් ඉදිකරන ලද නව නිවෙසට ගෙවැදීම නිමිත්තෙන් ඔහු ගමේ පන්සලෙන් ස්වාමීන් වහන්සේලා වැඩමවා පිරිත් දේශනා කිරීමට සූදානම් කළේය.


එදින රාත්‍රී පිරිත් දේශනා කරන හාමුදුරුවන්ට දැහැත් සහ ගිලන්පසෙන් උපස්ථාන කිරීම සඳහා  කවදත් තමාගේ දුකට සැපට සිටින ආරොන් මාමාට පැවරීය. ඔහුට වැඩ වැඩි අවස්ථාවලදී පොඩි තරහක් සමග නොසන්සුන්ව හැසිරෙන අවස්ථාත් නැතිවා නොවෙයි. පිරිත් දින මධ්‍යම රාත්‍රිය වනවිට ආරොන් මාමා වෙහෙසට පත්ව සිටියත් තම රාජකාරිය වෙන කෙනකුට පැවරීමට නම් ඔහු උත්සාහ කළේ නැත.


එදින ඔහු පිරිත් මණ්ඩපය අසල බිත්තියට හේත්තු වී අඩනින්දේ සිටි අවස්ථාවේ ‘උපාසක මහත්තයා දැන්නම් තේ කෝප්පයක් වැළඳුවා නම් තමයි අගේ’ යැයි ආරොන්ට ලොකු හාමුදුරුවෝ වදාළහ.


හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි හනික පිළියෙල කළ තේ කෝප්පය පිරිනැමීමට සූදානම් වූ අවස්ථාවේ ‘කොත්තමල්ලි එකක් වැළඳුව නම් අගෙයි’ යනුවෙන් හිමියෝ වදාළහ. එවරද ඔහු හැකි ඉක්මනින් කොත්තමල්ලි බඳුනක් රැගෙන ආවේය.


 පිරිත් දේශනා කරන ලොකු හාමුදුරුවන්ට ආරොන් උපාසක රැගෙන ආ කොත්තමල්ලි කෝප්පය  පිළිගන්වද්දී ඒ දෙස නොබලාම නැවත පැවසුවේ ‘උපාසක මහත්තයා මේ පාන්දර ජාමේ කෝපි කෝප්පයක් වැළඳුවා නම් හොඳයි නේද’ යනුවෙනි. මද කුකුල් කේන්ති කාරයකු වූ ආරොන් මාමා හනික කෝපි  කෝප්පය සාදා රැගෙන ආ විට ලොකු හාමුදුරුවෝ එවර ඇසුවේ ‘මොනවාද? උපාසක’ යනුවෙනි. නිදිමතත් වෙහෙසත් මැද තරහකිනුත් සිටි ආරොන් උපාසක එකවරම පවසා සිටියේ ‘හාමුදුරුවනේ තේ, කොත්තමල්ලි කෝපි’ යනුවෙන් එසේ පවසා එය ලොකු හාමුදුරුවන්ට පිරිනැමීය. 


ආරොන් උපාසකගේ පිළිතුරෙන් මහත් අපහසුතාවට පත් ලොකු හාමුදුරුවෝ  වටපිට බැලීය. උපාසක මහතාගේ කතාව ඇසුූ සෙසු හිමිවරු මුවගට මද සිනාවක් නගාගෙන අහක බලාගත්හ.
බන්දුල පී. පතිරණ.



අදහස් (0)

ආරොන් උපාසකගේ තේ කොත්තමල්ලි කෝපි පානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 108 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site