අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.
ප්‍රදේශයේ බොහෝ දෙනකු එහි ගොඩ වූයේ උණු උණුවේ ආප්පයක් කෑමටය. අලෙවියට තිබූ සාමාන්‍ය ආප්පයක් රුපියල් තිහකි. බිත්තර ආප්පයක් 120 කි. ඇතැම් විට 150 කි.
වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 30කට තිබියදී බිත්තර ආප්පයක් රුපියල් 120-150 ට අලෙවි කිරීම පිළිබඳ පාරිභෝගිකයන් තුළ පැවැතියේ නුරුස්නා ගතියකි.
වෙළෙඳසල් හිමියන්ගේ ගණන් බැස්සවීමට සිතූ තරුණ පිරිසක් පසුගියදා බිත්තර මල්ලක්ද රැගෙන වෙළෙඳ සලට ගොඩ වූයේ අඩු මිලට බිත්තර ආප්ප කන හැටි පෙන්වමි යැයි එකිනෙකාට පවසා ගනිමිනි.
‘‘මුදලාලිගේ ආප්පයක් රුපියල් තිහයි. ඔන්න අපි බිත්තර ගෙනාවා. බිත්තරේ ගානේ ආප්පෙකට දාලා ආප්ප දහයක් අපිට දෙන්න. තරුණ පිරිස උජාරුවෙන් වෙළෙඳසල ඉදිරිපිට බංකුවේ වාඩි ගත්තේ බිත්තර ආප්ප පිලිස්සෙන තුරුය.
මල්ලිල වැඬේනම් හොඳයි. හැබැයි නිකං ආප්පයක් තිහට දුන්නට බිත්තර ආප්පයක් බිත්තරේ ගාන එකතු කරලා 60 දෙන්න මට මොළේ අමාරුවක් නැහැ. ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ලූනු කෑලි මිරිස් දාන්න ඕනි. වැඩිවෙලාවක් පුච්චන්න ගෑස් ඕනි. ඒ ටික ගෙනත් දෙන්නේ මල්ලිලාගේ ගෙදරින්ද? ඕන්නම් ආප්ප දෙන්නම් ඒකට බිත්තරයක් දාගෙන කන්න යැයි වෙළදසල් හිමියා පවසද්දී බිත්තර මල්ලත් රැගෙන තරුණ පිරිස පල්ලම් බැස්සේ තවත් එහි සිටියහොත් වෙළඳසල් හිමියා තමුන්ගේ රෙදිත් ගලවන බව දන්නා නිසාවෙනි.
වියලුව වාර්තාකරු
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආප්ප කන්න ගිහින් රෙදි ගලෝගෙන