IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආච්චි අම්මා පැල් රැක්කත් දූරියන් අතුරුදන්

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
රාත්‍රියට ඉදී වැටෙන දූරියන් අලුයම ඇහිඳීමට ගහ යට නොමැති බව පවසා තාවකාලික පැල්පතක් ගහ අසල තනාගෙන වැටෙන ගෙඩි ගාන ගණන් තබා ගත්තත් අලුයම ගහ යට ඇහිඳීමට ගිය විට දූරියන් නොමැති බව පවසන වියපත් කාන්තාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක වයස අවුරුදු 82 ක පමණ වියපත් කාන්තාවක් පදිංචිව සිටින්නීය. ඇගේ සැමියා මීට කලකට ඉහතදී මිය ගොසිනි. දරුවන් සිව් දෙනා විවාහ වී තිදෙනෙක්ම පිට පළාත්වල පදිංචිව සිටිති. බාල පුතාගේ නිවසේ මෙම කාන්තාව පදිංචිව සිටින්නීය.
කාන්තාව පදිංචි නිවස පිහිටා ඇත්තේ තරමක් උස කන්දකය. මෙම කන්දේ පිහිටි නිවසට පහළින් ඇගේ වත්තේ පැරණි විශාල දූරියන් ගසකි. මේ දූරියන් ගසේ වෙනදාට වඩා තරමක් පලදාව අඩු වුවත් මෙවරත් සාමාන්‍ය දූරියන් ගෙඩි 150 වඩා පල දරා ඇත. දූරියන් ගස මීට සති දෙකකට පමණ ඉහතදී වෙළෙන්දන් කිහිප දෙනෙකු පැමිණ විවිධ මිල ගණන්වලට ඉල්ලා ඇත. ඉල්ලා සිටි මිල ගණන්වලට දෙපාර්ශ්වයම අකමැති  වූයෙන් දිනක් පුතාගේ මැදිහත්වීමෙන් වෙළෙන්දකු රුපියල් 30, 000 ට දූරියන් ගහ ඉල්ලා සිටි අවස්ථාවේ දී කාන්තාව ඊට අකමැති වී ගනු දෙනුව අතරමග නතර කළාය.


‘‘එහෙනම් අම්මට ඕනෑ එකක් කර ගන්න යැයි පවසා පුතා දූරියන් ගස බදු දීමෙන් ඉවත් විය. මේ දිනවල දූරියන් මිල අධික බවත් ගෙඩි 200 ට ආසන්න සංඛාවක් පල දරා ඇති බවත් ඉදී වැටෙන ගෙඩියක් රුපියල් 300ට 400ට අලෙවි කිරීමෙන් තමාට රුපියල් 40,000 ක් 50,000ක් පමණ උපයා ගත හැකි බව වයෝවෘද්ධ කාන්තාව පුතාට කීවාය. 


දින කිහිපයක සිට දිවා රෑ දෙකේම දූරියන් වැටෙන්නට පටන් ගත් අතර දවල්ට වැටෙන දූරියන් වයෝ වෘද්ධ කාන්තාව දිව ගොස් අහුලා ගෙඩිවල හැටි හැටියට ගම්වාසීන්ට අලෙවි කරන්නීය. රාත්‍රියට නින්ද නැතිව ඇඳේ සිට වැටෙන දූරියන් ගෙඩි ගණන ගණන් හැදුවත් අලුයම ඇහිඳීමට ගියවිට එක ගෙඩියක් ද නොමැති බව දැන ගත් ඇය පසු වූයේ දැඩි කනස්සල්ලෙන්ය.


පසුව සිය පුතාට කිහිප වරක් ගස අසල තාවකාලික පැල්පතක් තනා දෙන ලෙස ඉල්ලීමක් කළද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. පසුව අසල්වැසි තරුණයෙකු ලවා දූරියන් ගස ආසන්නයේ තහඩු සෙවිලි කර තාවකාලික පැල්පතක් තනාගෙන රාත්‍රිය ගත කරමින් වැටෙන දූරියන් ගණන් හදා ගත්ත ද අලුයම යළි ඇහිඳීමට ගිය අවස්ථාවේ දී එක ගෙඩියක්වත් නොමැති බව දිනක් පුතාට පැවසුවාය. 


‘‘ඒක තමා මම අම්මට කිව්වේ ගහ එක පාර බදු දීලා අර රුපියල් 30,000 ගත්තා නම් ඔය කරදර මොකවත් විඳින්න වෙන්නේ නෑනේ. මම කියපු දේ අම්මා ඇහුවේ නෑ. දැන් ගහෙන් භාගයකට වඩා ගෙඩි වැටිලා ගිහිල්ලා. මට පෙන්නේ දැන් රුපියල් 30,000 ක් හොයා ගන්න බැරි වෙයි කියලා. ඔය වැටෙන දූරියන් අහල පහළ ගෙවල්වල කොල්ලෝ හීන් සැරේ ඇවිල්ලා අහුලා ගන්නවා අම්මේ. අම්මා උන්ට මොකවත් කියන්න එපා දූරියන් ගෙඩියක් ඇහින්දා කියලා. අම්මා දැන් ගෙදරට වෙලා ඉන්න. දවල්ට වැටෙන එක අහුලාගෙන විකුණා ගන්න. කැමති නම් ගහේ  ඉතිරි වෙලා තියෙන ගෙඩි ටික කාට හරි එක පාර දීලා කීයක් හරි අරන් දෙන්නම්. නැත්නම් ඒකත් නැති වෙයි යැයි පිරිමි දරුවා සිය මවට කීවේය. ඒත් වයෝවෘද්ධ කාන්තාව පුතාගේ කීම පසෙකලා තවමත් රාත්‍රියට වැටෙන ගෙඩි ගණන් කර පැල් රකින බව වාර්තා වෙයි.

 



අදහස් (1)

ආච්චි අම්මා පැල් රැක්කත් දූරියන් අතුරුදන්

Mangala Saturday, 14 August 2021 03:09 PM

මම නම් මේ අම්මාට දොස් කියන්නේ නැහැ කිසිසේත්ම. මේ විදියට තමයි එදා මිනිස්සු අරපරිස්සමින් වැඩ කලේ. අද අය මොකද කරන්නේ ගෙදර පොල් ටික විකුණලා කඩේ පුස්කාපු පොල්තෙල් වැඩිගාණක් දීලා ගන්නවා ලෙඩත් එක්ක. ලේසිය වාසිය තමා බලන්නේ... අම්මට ටිකක් උදව් වුණානම් 30000 වෙනුවට 50000ක් ගන්න පුලුවන් කියලා පුතාගේ මොලේට එන්නේ නැතුව ඇති...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site