IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ආච්චිට හංගන්න බැංකුවෙන් නෝට්ටුවක් ඉල්ලලා

දකුණු පළාතේ උප නගරයක් අසල වු ග්‍රාමීය බැංකු  ශාඛාවකට පසුගියදා උදේම පැමිණි වියපත් මවක් රුපියල් දාහේ නෝට්ටුවක් කළමනාකාරිණියට දී මාරුකර දෙන ලෙස ඉල්ලුවාය.“නෝනා මට බස් එකේ යන්න මාරු සල්ලිත් ඕනෑ. නැත්නම් ඉතුරු සල්ලි දෙන්නෙ නෑ”ඇය තවදුරටත් කීවාය. ඇයට මාරු කාසි හා නෝට්ටු ලැබුණි.


සවස් වරුවේද ඇය එම බැංකුවට ආවාය. “නෝන් මං ගෙදර යන ගමන් මගේ මේ සිල්ලර කාසි අරගෙන තනි නෝට්ටුවක් දෙන්න” ඇය කීවාය. “ඇයි ආච්චි” කළමනාකාරිනිය විමතියට පත්ව ඇසුවාය.

“ගෙදර තනි කොළයක් අරන් ගියාම ඒක හංග ගන්න ලේසියි” කී ඇය කපටි සිනාවක් පා සල්ලි කීය කීය හරි ඉල්ලගෙන නෑදෑයො හිඟන්නො ගෙදරට එනවා. එතකොට හිතට එකඟව මාරු සල්ලි නෑ“ කියල බේරෙන්නත් පුළුවන්” කී ඇය කළමනාකාරිනිය දුන් නෝට්ටුව ඉනේ සඟවා ගත්තාය. 
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (0)

ආච්චිට හංගන්න බැංකුවෙන් නෝට්ටුවක් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 510 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site