IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අහුලාගත් හැඳුනුම්පතක් පෙන්වා බඩු අරන් ගිහින් යකඩ බඩු මුදලාලිට බඩුත් මුදලුත් නැතිවෙලා

(කුණ්ඩසාලේ පි.එම්. රාජපක්ෂ) 
මහනුවරට නුදුරු ගමක පිහිටි ලද යකඩ භාණ්ඩ වෙළෙඳසැලක හිමි කරුවකුට තම භාණ්ඩත් මුදලුත් යන දෙකම අහිමි වීමේ සිදු වීමක් පසුගියදා සිදු විය. 


මෙම යකඩ බඩු වෙළඳ සල ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය වෙළෙඳ සලක් වු අතර නිරන්තරයෙන් පාරිභෝගිකයින්ගෙන් පිරීගිය කාර්ය බහුල තැනක් විය. එමෙන්ම එයට පැමිණෙණ පාරිභෝගිකයන් අතර නානා විධ පුද්ගලයන් ද විය. 


පසුගිය දිනක මෙම වෙළෙඳ සැල වෙත ආ එක්තරා පාරිභෝගිකයෙක් වටිනා භාණ්ඩ කිහිපයක් හදිසියේ රැගෙන යාමට පැමිණි අතර ඔහු අත මුදල් නොමැති වීම නිසා තමන් සතු හැඳුනුම් පත් ලබා දීමට හැකි බවත් භාණ්ඩ සඳහා මුදල් ඉදිරි දින කිහිපයේ දී ලබා දෙන බවට වු පොරොන්දුව මත භාණ්ඩ රැගෙන ගියේය. 


කෙසේ වෙනත් දින කිහිපයක් ගත වුවත් භාණ්ඩ රැගෙන ගිය පුද්ගලයා දක්නට නොලැබුණ අතර භාණ්ඩ සඳහා මුදල් ද නොලැබුණු නිසා තම වෙළෙඳ සැල් හිමිකරු ගෝලයකු ද සමග හැඳුනුම්පත් වල සඳහන් ලිපිනයට අනුව එම පුද්ගලයාගේ නිවෙස සොයා ගෙන ගියේය. ඒ අනුව අදාළ නිවෙසට පැමිණි ඔවුන් හැඳුනුම්පත් සඳහන් පුද්ගලයාගේ සම්බන්ධයෙන් විමසන්නට විය. මේ කිසිවක් නොදත් නිවසේ හිමිකරු පළමුවෙන් හැඳුනුම්පත් දෙස බලා සතුටු සිනාවක් පා එවැනි භාණ්ඩ කිසිවක් තමන් මිලදී නොගත් බව පැවසු අතර තමන්ගේ හැඳුනුම්පත පසුගිය දිනෙක නැතී වු බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය. 


මෙම පිළිතුර පිළි ගැනීමට මැලි කමක් දැක් වු අතර ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති විය. විසඳුමක් නොමැති තැන අවසානයේ විසඳුමක් සොයා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගොස් අදාළ ගැටලුවට සම්බන්ධයෙන් පැමිණිලි කරන ලදි. එම පරීක්ෂණයට අනුව භාණ්ඩ ලබා දුන් වෙළෙඳ සැල් හිමිකරු හැඳුනුම්පතේ ලිපිනය පමණක් පරීක්ෂා කර තම ප්‍රදේශයේම පුද්ගලයකු බැවින් භාණ්ඩ ලබා දී ඇති අතර ඔහු කිසි විටෙකත් තිබු ඡායාරූපය හා රූපය සංසන්දනයට කර නොමැත. 


ඒ අනුව තමන් කපටි හොරෙකුගේ උපායකට අසුව බවට වැටහී ගිය පසු වෙළෙඳසැල් හිමිකරු හැඳුනුම්පත් නියම හිමිකරු වෙත එය ලබා දී ඇත. වෙළෙඳ සල් හිමිකරු තමන් භාණ්ඩ ලබා දුන් තැනැත්තාගේ මුහුණත් හැඳුනුම්පත් වල මුහුණත් පරීක්ෂා කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණස්සල්ලෙන් පසු වු අතර භාණ්ඩ හා මුදල් යන දෙකම අහිමි වු වෙළෙඳ සල් හිමිකරු කාට කාටත් මේවා හොඳ පාඩම් මූණ හොඳට බැලුව නම් මේ මොකුත් වෙන්නැයි පවසමින් තම වෙළඳ සල කරා යන්නට ගියේය. 

 



අදහස් (0)

අහුලාගත් හැඳුනුම්පතක් පෙන්වා බඩු අරන් ගිහින් යකඩ බඩු මුදලාලිට බඩුත් මුදලුත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site