හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
කන්ද උඩරට ප්‍රධාන පෙළේ රෝහලක පැවැති තම මවගේ මරණ පරීක්ෂණයේ දී හදිසි මරණ පරීක්ෂකවරයා බිරියගේ නම අසද්දී නිරුත්තර වූ සැමියකු බිරිඳගේ නම අසා ගැනීම සඳහා බිරිය සොයා රෝහල් භූමිය පුරා දිව යාමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙම සිද්ධිය මෙසේය.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි වයෝවෘද්ධ මවක් කිසිදු බරපතළ රෝගී තත්ත්වයක් නොමැතිව සිටියදී මිය යාමෙන් පසුව හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ පොලීසියේ මැදිහත්වීමෙන් ප්‍රධාන රෝහල වෙත රැගෙන යනු ලැබීය.
එහිදී මරණය සමබන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූ මරණ පරීක්ෂකවරයා මිය ගිය මවගේ පුතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිද්දී ඔහුගේ බිරියගේ නම කුමක්දැයි විමසූ විට බිරියගෙන් නම අසා ගැනීම සඳහා ඔහු රෝහල් භූමියේ එළියේ සිටි සිය බිරිය සොයා දිව යනු දක්නට ලැබිණ.
වසර 30 කට වඩා වැඩි කාලයක් විවාහ ජීවිතයක් ගත කර ඇති මොහු තවමත් සිය බිරිඳගේ නම දන්නේ නැත්දැයි එහි සිටි පිරිස ඔහු දෙස විමතියෙන් බලා සිටියහ. කෙසේ නමුත් එළියට ගිය සැමියා ටික වේලාවකින් සිය බිරිඳ ගේ නම අසා ගෙන පැමිණ නැවත ප්‍රකාශය ලබා දීමට පටන් ගත්තේය.
මේ සිද්ධිය දුටු රෝහලට ගොස් සිටි ඥාතීන් මෙන්ම අසල්වාසීන් ද ගමට පැමිණි පසු රස කර කර කියනු අසන්නට ලැබිණ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අවුරුදු 30ක් දීග කෑ බිරියගේ නම අමතක වෙලා
mangala Thursday, 06 October 2022 01:18 PM
මේක හිනා වෙන්න කාරණයක් නෙවෙයි, තමන්ගේ බිරිඳට ආදරේට මොකක් හරි නමක් කියන්න ඇති ගෙදරට. උප්පැන්නෙට තියෙන නම උප්පැන්නෙ තියෙන්න ඇති.