මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
ගම්පහ දිසාවේ ගම්මානයක වෙසෙන තරුණ යුවළකි. එක් දරුවෙක් මෙම යුවළට සිටි. තරුණ සැමියා බිරිඳත් හොඳ ව්‍යවසායකයන් සේ මුදල් හරි හම්බ කරන්නට දක්ෂය.
මෙම යුවළට අවුරුදු සමයේ ලැබුණු විවිධ ඇණවුම් නිසා බිරිඳගේ මවුපියන් බැලීමට යාම පසුවට කල් දැමිණි. අවුරුදු අවසන්ව වෙසක් සඳ මෝදු වෙන අවස්ථාවේ බිරිඳ මව පියා බැලීමට යාමට අවශ්‍ය බව සැමියාට පැවසුවාය. අනේ මන්ද කී සැමියා මොනවා අරගෙන යනව දැයි බිරිඳගෙන් ඇසීය.
බඩු මල්ලක් අරගෙන යමු බිරිඳ සැමියාට පැවසුවාය. අනතුරුව සැමියා අසල වෙළඳසලෙන් ලබාගත් බඩු මල්ලක් සමඟ බිරිය හා දරුවාත් කැටිව බිරියගේ මවුපියන් බැලීමට ගියේය.
සැමියා අතට දුන් බඩු මල්ල බිරිඳ මවගේ නිවසේ තැබීය. ඇය එහි තිබුනේ මොනවාදැයි සොයා බැලුවේ ද නැත. දිවා ආහාරයෙන් පසු දියණියත් බෑනාත් මුනුබුරා සමඟ නිවසට ගිය පසු නැන්දම්මා බෑනා ගෙනා බඩු මල්ල පිරික්සා බැලීය.
සීනි 250ක්, තේ කොළ ග්‍රෑම් පනහේ පැකට්ටුවක්, හාල් කිලෝවක්, පරිප්පු 250ක් සහ තැලී පොඩි වී ගිය එළවළු වර්ග කිහිපයක කොටස් එහි දක්නට ලැබිණි. බඩු මල්ල පිරික්සා බැලීමෙන් පසු නැන්දණියට කේන්ති ගියේය. දන්නා හඳුනන සියලු ඥාතීන්ට තම බෑනා තමන්ට අවුරුද්දට ගෙනත් දුන් බඩු මල්ල පෙන්වීමට ද ඇය කටයුතු කළාය.
අවසානයේ ඇය දියණියට ඇමතුමක් දුන්නාය.
දුවේ ගෙදර අඟහිකමක් ඇති වුණොත් බෑනා ගෙනාපු බඩු මල්ලෙන් ටිකක් අරගෙන යන්න ඇවිල්ලා පලයන් ඇය දියණියට කීවාය. මවගේ දෙපැත්ත කැපෙන වචන කිහිපයකින් වික්ෂිප්ත වූ දියණිය සැමියා බඩු මිලදී ගත් අසල වෙළඳසලට ගොස් සොයා බැලීමේ දී දැනගන්නට ලැබුණේ තරුණ සැමියා වෙනදා පුරුද්දට ගෙදර වේලකට ගෙනයන බඩු මුට්ටු ප්‍රමාණය පමණක් මිලදී ගෙන මවුපියන් බැලීමට අවුරුද්දට ගිය ගමනේ දී ගෙන ගොස් දී ඇති බවය.
නැවත මවුපියන් බැලීමට යා යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කරන අඩුම කුඩුම මිලදී ගැනීම සඳහා තමන්ම කටයුතු කරන බව සැමියාට බිරිඳ දැනුම් දුන්නේ සියල්ල දැනගැනීමෙන් පසුවය.
2025 ඔක්තෝබර් මස 08
1572
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අවුරුදු බඩුමල්ලට මළ පැනලා