IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අවුරුදු තෑගි වටේම ගිහින් ගෙටම එනවට අලුත් සූත්තරයක්

සිංහල අලුත් අවුරුද්දට තෑගි බෝග අරන් නෑ හිත මිතුරන් බැලීමට යාම කොයි කවුරුත් චාරිත්‍රයක් විදියට කරනවා. විහිළුකාරයකුවන සුගතපාලගේ ගෙදරටත් වටපිටාවෙ හැම ගෙදරකින්ම වගේ ඇවිත් තිබුණත් ඔවුන්ට ඒ ගෙවල්වලට යන්න තරමක් ප්‍රමාද වුණා. 


මේ අවුරුද්දේ කිසිම ගෙදරකට තාම ගොඩ වෙන්න බැරි වුණ නිසා දැන්වත් ගිහින් එන්න යමු ද?” කියලා සුගතපාලගෙ හාමිනේ කීවා. 


ගෙවල්වලින් ගෙනා සීනි, බිස්කට්, කේක් සහිත පාර්සල් රැසක් තිබුණත් කොයි ගෙදරින් කොයි පාර්සලය ද ගෙනාවෙ කියලා තෝරා බේරා ගන්න ඔවුන්ට අමාරු වුණා. කිසියම් ගෙදරකට ඒ ගෙදරින් ගෙනා පාර්සලයම ගිහින් දුන්නොත් වස ලැජ්ජාවක් තමයි වෙන්නෙ. මේකට මොකක්ද කරන්න පුළුවන් කියලා හාමිනේ සුගතපාලගෙන් ඇහුවා. 


කිසි කතාවක් නැතිව ගෙදරට හම්බවෙලා තිබුණ සීනි කේක් බිස්කට් සහිත පාර්සල් ටික ලොකු බෑග් එකකට දාලා කර තියාගෙන හාමිනෙත් එක්ක අල්ලපු ගෙදරට ගිය සුගතපාල, කරේ තියන් ගිය බෑග් එක බිමින් තියලා, “අනේ නංගියේ උඹලගෙ ගෙදරින් ගෙනාවෙ නැති ඕන පාර්සලයක් මේකෙන් තෝර ගනින්” කියලා කිව්වලු. 


(කඹුරුපිටිය - ප්‍රීති ජයවර්ධන)



අදහස් (0)

අවුරුදු තෑගි වටේම ගිහින් ගෙටම එනවට අලුත් සූත්තරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site