IMG-LOGO

අලුත් මනමාලිය සතුටු කරන්න ගිහින් සරමත් නැතුව දුවලා

(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
අලුත ගෙනා මනමාලියගේ හිත සතුටු කිරීමට මහමඟ සිටි බළල් පැටවකු රැගෙන ඒමට ගිය පුද්ගලයකුට ඇඳ සිටි සරම ද නොමැතිව පණ කෙන්ද රැක ගැනීමට නිවසටම දිව යාමට සිදුවූ පුවතක් මහනුවරට තදාසන්න තේ වතු ආශ්‍රිත ප්‍රදේශයකින් වාර්තා වේ.


වාර්තාවන අන්දමට සිද්ධිය සැකවින් මෙසේය.


මනාලිය තම නිවසට කැන්දාගෙනවිත් තවමත් ගතව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. තේ වත්තේ වැඩ කරන ඔහු නගරයට ගිය හැමවිටම මනාලියගේ සිත සතුටු කිරීමට කැවිළි පෙවිළි මෙන්ම විසිතුරු බඩු ද රැගෙන එන්නේය.


මේ අතර ඉකුත් දිනක නගරයට ගිය ඔහු ඇයට අවශ්‍ය බඩු බාහිරාදිය මෙන්ම නිවසට අවශ්‍ය අඩුම කුඩුම ද රැගෙන බරට බරේ පැමිණියේ එදින සති අන්ත නිවාඩු දිනයක් ද වූ බැවිනි.


පා ගමනින්ම තේ වතු මැදින් එන අතරතුර මහමඟ අයිනේ සිටි බළල් පැටවකු ඔහු අතට ගත්තේ තම බිරියගේ සිත තව තවත් සතුටු කිරීමේ අදහසනි.


කෙසේ නමුත් එම සිතුවිල්ලෙන් අඩි දෙක තුනක් යාමටත් මත්තෙන් ඔහුගේ ඇඟට කඩා පැන්න හඳුන් දිවියකු නිසා අතැතිව සිටි පැටියාත් ගෙනා බඩු බාහිරාදිය සමඟ ඇඳ සිටි සරම ද එහි දමා පණ කෙන්ද බේරා ගැනීමට නිවසට දුවන අතර තමන් බළල් පැටවකු යැයි සිතා රැගෙන ඇත්තේ හඳුන් දිවි පැටවකු බව වැටහුණේය. 



අදහස් (0)

අලුත් මනමාලිය සතුටු කරන්න ගිහින් සරමත් නැතුව දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 65 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 668 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site