(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
බාල වයස්කාර දරුවන් තිදෙනා තනිකර අනියම් සැමියා සමග ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ හක්මන පොලිසියෙන් වාර්තාවේ.
වයස හය, අට, දහහතර වැනි වියේ පසුවන දරුවන් තිදෙනකු සිටින තිස් හැවිරිදි කාන්තාවකට පසුගිය කාලයේ බහුකාර්ය සංවර්ධන සහායකයකු ලෙස රැකියාවක් ලැබිණ එම රැකියාවට යාමේදී හමු වූ තවත් සේවකයකු සමග මෙම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පැවැත්වූවාය.
සැමියා තමන්ගේ සහෝදරයකු ලෙස අනියම් සැමියාට මුල් අවස්ථාවේදී හඳුන්වා දීමට ඇය කටයුතු කළේ අනියම් සැමියා කෙසේ හෝ තමන්ට අයිති කර ගැනීමේ අදහසිනි.
මේ අනුව ඇය ඔහු සමග පැනගියේ කාටත් හොර රහසේය.
දරුවන් සහ තමන් තනිකර බිරිඳ සිය අනියම් සැමියා සමග පැනගොස් ඇති බවට සැමියා සිදුකළ පැමිණිල්ලට අනුව සියලුම දෙනා පොලීසියට කැඳවා විමර්ශන සිදු කළේය.
සිය නීත්‍යනුකූල සැමියා සහ දරුවන් තිදෙනා භාර ගැනීම ඇය ප්‍රතික්ෂේප කළේ අන් කිසිවකුට වචනයක්වත් කීමට ඉඩ නොතබමිනි.
දරුවන් පිළිබඳව සිතා තමන් සමග ගෙදර යාමට පැමිණෙන ලෙස සැමියා බැගෑපත්ව ආයාචනා කළද කාන්තාව සිය අකැමැත්ත ප්‍රකාශ කළේ අනියම් සැමියා පිළිබඳව දැඩි බලාපොරොත්තු තබමිනි. මේ අතර අනියම් සැමියාද දරුවන් සිටින කාන්තාවක තමන්ටද බාරගැනීමට නොහැකි බව පැවසීම නිසා නිලධාරීහුද අසරණ වූහ.
දරුවන් සමග සැමියා නිවෙසට යාමට සැරසෙද්දී අනියම් සැමියාද කාන්තාව ප්‍රතික්ෂේප කරමින් නික්ම ගියේය.
සැමියාත් අනියම් සැමියාත් දෙදෙනාම අහිමිකරගත් කාන්තාව සිය සොහොයුරකුගේ නිවෙසට යාමට පිටත් වියේ හැඬූ කඳුළෙනි.
ඒ සමගම ඇයට දැනගන්නට ලැබුණේ බාලවයස්කාර දරුවන් අතහැර දැමීමට එරෙහිව ඇයට නඩුවක්ද පැවරෙන බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අලුත් කූඩුවකට රිංගන්න ගිහින් තිබුණ කූඩුවත් නැති කරගෙන