IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අලුත් ඇමැතිගේ යාළුකම පෙන්වන්න ගිහින් පුංචි මන්ත්‍රී ගෙට කොටුවෙයි

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
මෑතකදී මැති සබයට ගිය මැතිසඳ තමාගේ කිට්ටු හිතවන්තයකු බව පෙන්වීමට ගිය පොඩි මන්ත්‍රී කෙනකුට දින ගණනාවක් නිවාස අඩස්සියේ සිටීමට සිදුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


දේශපාලනය ගැන ඔහු පම්පෝරිය ගැසුවේ හිමින් නොවේ. මැති ඇමැත්තන් අඳුනන බවට ද කයිවාරු ගැසුවේත් හිමින්ම නොවේ. මේ මෑතකදී මැති සබයට ගිය මැති ද තමාගේ කිට්ටු හිතවන්තයකු බව ද ගමේ අයට ඔහු පෙන්නුවේ ද හිමින් නොවේ.


මේ නිසාම ගමේ තරුණයෙක් සිය රැකියාවේ ස්ථාන මාරුවක් ලබා ගැනීම සඳහා ඔහු සොයා ආවේය. කොල්ලන් රැලක් පිරිවරාගෙන අලු‍ත් මැතිසඳ ගැන පම්පෝරි ගස ගසා සිටි ඔහුට මෙය ඊට හොඳ අවස්ථාවක් කර ගන්නට සිතුවේය.


අලු‍ත් මැතිට දුරකතන ඇමතුමක් ඔහු සිය දුරකතනයෙන් ගන්නා බව පවසමින් දුරකතනය එහි බොත්තම් දහයක් තද කරමින් කනේ තබා ගත්තේය. 


‘හා සර් අපේ සුබපැතුම්. මම සර් හම්බ වෙන්න එන්නම්. හා සර් මේ අපේ කොල්ලෙක්ගේ වැඩක් තියෙනවා. ඒකටත් එක්ක එන්නම්’ ඔහු එසේ පවසත්ම ඔහුගේ දුරකතනයට ඇමතුමක් ආවේ මුළු පළාතම දෙවනත් කරන සේ  ශබ්දයක් සමග දුරකතනය නාද  කරවමිනි.
මැතිට ඇමතුමක් ගෙන ඇත්තේ බොරුවට බව තරුණයන්ට වැටහුණ හෙයින් ඔහු එතනින් හෙමින් ලිස්සා ගියේ පස්ස නොබලා ම ය. ඔහුගේ බොරුව ගමේ පත්තුවී ගියේ ඔහු නිවෙසටම කොටු කරමිනි.

 



අදහස් (0)

අලුත් ඇමැතිගේ යාළුකම පෙන්වන්න ගිහින් පුංචි මන්ත්‍රී ගෙට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site