IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලුත් අවුරුදු තුඩු පඬුරට මන්ත්‍රී හිතවතාට තරු පෙනිලා

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙතැයි සිතූ තුටු පඬුරෙන් භාගයක ඉන්ධන ගසාගෙන ඉතිරි භාගයෙන් බාගයක් ගැසීමට සිතා වාහනයෙන් පැමිණි අයකුට අලු‍ත් අවුරුදු දා අතිනුත් පාඩු විඳ මහජන නියෝජිතයාගේ මවුපියන් සිහි කර කර ගිය තැනැත්තකු පිළිබඳව අපූරු පුවතක් දකුණෙන් අසන්නට ලැබේ.


අවුරුද්ද නිමිත්තෙන් මේ මහජන නියෝජිතයා සිය හිතවතුන්ට තුටු පඬුරු ලබා දුන්නේය. ඉතාම කිට්ටුවන්තයන්ට ලැබුණේ ඉලක්කම් තුනේ කොළයක් සමග රුපියලකි. ඉන් එහා අයට ලැබුණේ ඉලක්කම් දෙකේ කොළයක් සමග රුපියලකි. මේ පඬුරු සියල්ල ලබා දුන්නේ බුලත් කොළවල ඔතාය.


මේ මහජන නියෝජිතයා සෑම වසරකම සිය චාරිත්‍රය ඉටු කළේය. මෙවර ඔහුටද ඒ සඳහා ඇරයුම් ලැබුණේ හිතවතකුගේ මාර්ගයෙනි. ලැබෙන මුදල ද හිතවතා ඔහුට දැනුම් දුන්නේය. ඒ නිසාම ඔහු අලු‍ත් අවුරුදු ඇඳුම් පැළඳුම් ඇඳගෙන කරදරයක් නොවී සිය වාහනයෙන්ම මේ මහජන නියෝජිතයා හමුවීමට පැමිණියේය.


ලැබෙන මුදලින් භාගයක්ම වාහනයට ඉන්ධන ගසාගෙන ඉතිරි භාගයෙන් භාගයක් ගැනීම ඔහුගේ ඒකායන අරමුණවී තිබිණ. මහජන නියෝජිතයා තුටු පඬුරු ලබාදීම ආරම්භ කළේය. ඒ අනුව ඔහුටද තුටු පඬුරු ලැබුණේය.


බුලත් කොළයේ ඔතා ලැබුණු තුටු පඬුරෙන් ඔහුගේ ඉහේ මලක් පිපුණාක් මෙන් සතුටක් දැනුණේය. එය එතනදීම විවෘත නොකළේ නොකළ යුත්තක් නිසාවෙනි. ඩිංගක් එහාට මෙහාට වී තුටු පඬුර දෙස බැලූවිට ඔහුට තරු පෙනුණේ එහි ඉලක්කම් දෙකේ කොළයක් දැකීමෙනි. අතිනුත් පාඩු විඳ ඔහු මහජන නියෝජිතයාගේ නිවෙසින් ගියේ ඔහුගේ මවුපියන් සිහි කරමිනි.

 



අදහස් (0)

අලුත් අවුරුදු තුඩු පඬුරට මන්ත්‍රී හිතවතාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 30 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site