IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරගල භූමියට ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
අරගල භූමියට ගිය දියණිය වැල්ලේ රෑන පඳුරක් අස්සෙන් මතුවුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


මේ දැරියගේ අම්ම තාත්තාද අනෙක් අම්ම තාත්තලා මෙන් දැන් රටේ  පවතින වාතාවරණය අනුව සිටියේ දැඩි ලෙසම  පීඩාවට පත්වීය. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්වල හිඳ සිටි ඔවුන් තවත් පීඩාවට පත්වූයේ අධික ලෙස ඉහළ ගිය බඩු මිල හමුවේය.


 ඒ නිසාම අරගල භූමියක සිට පවතින අරගලයක යෙදී සිටින තරුණ තරුණියන් පිළිබඳව සුබවාදීව මේ දෙන්න දෙමහල්ලෝ නිතර නිතර නිවසේ කතා කළහ. මේ අරගලයට සහයෝගය ලබාදෙන්න යයි සිය තරුණ දියණියට ඔවුන් නොකියා කීවේ වරක් දෙකක් නොව කිහිපවරක්මය.


මාපියන්ගේ මේ ඉඟිබිඟිය තේරුම් ගත්  දියණිය මාපියන්ගේ අවසරයද ඇතිව තවත් යෙහෙළියන් පිරිසක් සමග අරගල භූමියට යනවා යයි පවසා නිවසින් ගියේ එදින හිමිදිරි පාන්දරමය.


දහවල් වනවිටදී පියාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ අවශ්‍ය තාවක් සඳහා වහාම පොලිසියට පැමිණෙන ලෙසය. ඒ පොලීසියෙනි. අවශ්‍යවතාව කුමක්දැයි ඇසුවත් නොකීව නිසා වරදක් තමා කර නැති බැවින් ඔහු පොලිසියට ගියේ මේ කාගේ හෝ මරාලයකට වෙන්න ඇතැයි සිතමිනි.


පොලිසියට ගිය ඔහුට දැකගන්නට ලැබුණේ බංකුවේ වාඩි වී සිටින තරුණ ජෝඩු කිහිපයකි. ඒ දෙස වඩාත්ම විමසිලිමත්ව බැලූ කල සිය දියණිය ද එහි සිටිනු දැකීමෙන් ඔහුගේ දෑස් අන්දමන්ද වී ගියේය. එය වැරදීමක්දැයි යන්න තේරුම් ගැනීමට ඔහු වඩාත්ම හොඳින් බැලූ කල එහි සිටිනුයේ සිය දියණියම බව දැකීමෙන් සිදුව ඇතිදේ තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය.


මොකද ලොකු උන්නැහේ බලන්නේ. මේ වැල්ලේ රෑන් පඳුරු අස්සේ අශීලාචාර ලෙස හැසුරුණා යයි කියන තොරතුරකට අනුව අපි ගෙනාපු ජෝඩු කිහිපය යයි පොලිස් නිලධාරියෙකු කී විට අනේ එහෙනම් අපේ දුව ගිහින් තියෙන්නේ අරගල භූමියකට නොව ක්ෂේම භූමියකට යයි කියමින් සිය දියණිය දවා යන තරමේ බැල්මක් බැලු‍වේ ගෙදර ගියාම කරන දේත් සිතේ මවාගනිමිනි.

 



අදහස් (0)

අරගල භූමියට ගිය දුව වැල්ලේ පඳුරක් අස්සෙන් මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 66 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site