IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරගලයේ නාමයෙන් ගානක් කඩාගන්න ගිහින් වැ​ෙඩ් වැරදිලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නොගිය අරගලයකට ගියා යැයි පෙන්වීමට යෙදූ උපක්‍රමය අතේ පත්තුවී ආර්ථික ප්‍රයෝජන තිබූ විදෙස් මිතුරකුට මුහුණදීමට නොහැකිව අලි අමාරුවක වැටුණු තරුණයකු පිළිබඳව දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.


මිතුරා ඔස්ට්‍රේලියාවේය. ඔහුගෙන් මෙරට මිතුරාට තිබූ ආර්ථික වාසි බොහෝය. අතමිට මුදල් හිඟවූ විට එරට සිට ඔහුට මුදල් එවනුයේ ආපසු ගැනීමට බලාපොරොත්තු ඇතිවනම් නොවේ. ඕස්ට්‍රේලියාවේ මිතුරාට මව් රට ගැන තිබූ කැක්කුම මහමෙරක් තරම් විය.


මෙරටේ සිටින මිතුරාට නව වැනිදා අරගලය සඳහා කොළඹ ට යන්න යැයි ඔහු ආරාධනා කළේද ඒ නිසාය. ඒ සඳහා යන වියහියදම් තමා දෙන බවද විදෙස් මිතුරා කීවේ අවශ්‍යනම් තවත් පිරිස එයට එකතුකර ගන්නා ලෙසත් දන්වමිනි.


ඒ අනුව මෙරට සිටින මිතුරා විදෙස් මිතුරාට ඡායාරූප සහිතව තමා සමග පිරිසක් අරගලය සඳහා කොළඹ ගිය බව සනාථ කිරීමට විශාල පිරිසක් සමග පොරකකා යන ඡායරුප පෙළක් ඔහුගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් අංකයට යැව්වේය. හැරෙන තැපෑලෙන්ම විදෙස් මිතුරා ඔහුට වියදමට මුදල් සහ අරගලය සඳහා ගිය අයට ඇඟ රත්කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට බැංකු ගිණුමට මුදල්ද බැර කළේය .


 මිතුරා තමාට එවූ ඡායාරූප විදෙස් මිතුරා මුහුණු පොතට දැමුවේ අපේ මේ අරගලයේ වීරයන්ට ජයවේවායි සටහන් දමමිනි. මේ මුහුණු පොත පරිශීලනය කරනු ලබන මෙරට සිටින ඔවුන් දෙදෙනාගේම හිතවතුන් කිහිප පොළක්ම සටහන් කර තිබුණේ මේ අරගලය සඳහා කොළඹ ගිය ඡායාරූප නොව එදා ඔහු පදිංචි නගරයේ පැවැති උද්ඝෝෂණයකදී ගත් සෙල්පි ඡායාරුප කිහිපයක් බවය.


වැඩේ පත්තුවී ගියේය. විදෙස් මිතුරාට සිය මිතුරා බොරුවක් කළ බව පසක්ව ගියේය. මුහුණු පොතේ දැමූ ඡායාරූප ඔහු ඉක්මනින්ම ඉවත් කර ගැනීමත් සමගම මෙරට මිතුරාට තරු පෙනී ගියේය. දැන් ඔහු තැවි තැවී ඉන්නේ විදෙස් මිතුරාට තමා කළ දේ ගැන කියන්න දෙයක් නැතිවය.

 



අදහස් (0)

අරගලයේ නාමයෙන් ගානක් කඩාගන්න ගිහින් වැ​ෙඩ් වැරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site