(තිහගොඩ උපසේන ලියනගම)
සමීප ආයතන දෙකක සේවය කළ ඔවුහු ගජ මිතුරන් වූහ. පසුගියදා බස් රථයේ දී ඇස ගැටුණු රූමතියක් ගැන එක් අයකු අනිකාට කීවේ ඇය දැකීමෙන් තමා මෝහනයට පත්වූ බවයි. “කිසි ප්‍රශ්නයක් නෑ. එයා අපේ ගෙවල් ළඟ. මම උඹට යාලු කරලා දෙන්නම්” කී ඔහු දවස් කීපයකට පසු “වැඬේ හරි” යැයි කීවේ ඇයගේ යැයි කියන දුරකතන අංකයක් ද දෙමිනි.
තම නැගණියගේ දුරකතන අංකය මෙසේ ඔහු අතට පත් කළ මිතුරා මේ විහිළුව ඇයට කීවත්, නංගී කීවේ “මෙය මහ පව් වැඩක්” කියාය. “ඕකා මගේ යාලුවා වුණාට මේක ඌට හොඳ පාඩමක්” ඔහු නංගී අස්වැසීය.
ඔහු කල්පිත පෙම්වතියට දෙන තෑගි ද අයියා නැගණියට දුන්නත් ඇය ඒවා ප්රතිකිෂේප කළාය. එහෙත් ඔහු පවසන වදන් නංගිගෙන් දැනගෙන මේ මිතුරා මහත් වින්දනයක් ලැබීය.
පසුගියදා ඔහු ප්‍රේමවන්ත මිතුරාට කීවේ ඇය විවාහ වීමට යන නිසා මේ සබඳතාව නැවැත්වීමට තමාට කී බවකි. එය ඇසූ මිතුරා අන්දමන්ද විය. සුසුම් හෙළමින් වැළපුණේය. දුරකතන ඇමතුම් ද නැවතිණ.
පසුගියදා උපකාරක පන්තියකට ගිය නංගි අයියාට දුරකතනයෙන් කීවේ ඒ මිතුරා තමාට හමුවූ බවත්, ඔහු සෙවලයකු නොව ඉතා හොඳ කෙනකු නිසා තමා ඔහු සමග යන බවත්ය. මෙය ඇසූ අයියාට දෙවියන් සිහිවුණාලු.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අයියා මැවූ බොරු පෙම්වතා එක්ක නංගී පැන ගිහින්