(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
විදෙස්ගත අයියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ පෙම්වතියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට ගිය මල්ලීට හා ඔහුගේ යහළුවකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවීමේ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය.
කොරියාවේ සේවය කරන තරුණයකු තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. එම පෙම්වතියට මෑත කාලයේදී බැංකුවක රැකියාවක් ලැබී එම රැකියාවට ගොස් ඇති අතර එයට පෙම්වතා විරෝධය පළකර තිබේ. පෙම්වතිය බැංකුවක රැකියාවට යාම ගැන සැක පළ කළ තරුණයා ඇය ගැන සෙවීමට මළනුවන්ට පවරා ඇති අතර මල්ලී ඔහුගේ යහළුවෙකු ද ඒ සඳහා හවුල් කරගෙන ඇතැයි පැවසේ.
තම පෙම්වතියගේ ජංගම දුරකතනය කෙසේ හෝ පරීක්ෂා කරන ලෙස විදෙස් ගත අයියාගෙන් මල්ලීට උපදෙස් ලැබී ඇති බව හෙළිවී ඇත. පසුගිය දිනක තරුණිය රැකියාවට යන මාර්ගයේ රැකවල් දමා සිටි තරුණයාගේ සොහොයුරා හා යහළුවා තරුණියගේ දුරකතනය උදුරාගෙන පළා ගිය බැවින් ඇයගේ කෑගැසීම ඇසී නගරයේ සිටි ආරක්ෂක නිලධාරීන් පළායමින් සිටි තරුණයින් දෙදෙනා මහත් වෙහෙසක් දරා අල්ලාගෙන තිබේ.
අල්ලාගත් තරුණයන්ට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ අතර තරුණියගේ බලවත් ඉල්ලීම නිසා සිද්ධිය සමථයකට පත්වූ අතර මෙම සිද්ධියෙන් පසුව ඔවුන්ගේ ආදර කථාවද අවසන් වී ඇතැයි පැවසේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අයියාගේ පෙම්වතියගේ හොර අල්ලන්න ගිහින් මල්ලී පරිප්පු කයි