IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


පවුලේ  උදවිය ධනවතුන් වූ අතර ප්‍රදේශයේ කැපී පෙනීමට උත්සහා කරන පිරිසකි.


ඒ නිසා ඔවුන් නිතර ඇසුරු කරන්නේ ද ඊට ගැලපෙන උදවිය හා පමණි.


පවුලට සිටින්නේ එකම දියණියකි. ධනවත්කම ඇතත් රූමත්කමක් නැත. ඉගැන්වීමට කොතෙක් වියදම් කළත් අධ්‍යාපනයේ නිසි පල ලබා ගැනීමට ද නොහැකි විය. තරුණ වියද ඉක්මවා යමින් තිබිණි. 


 මවගේ ඉල්ලීමකට අනුව කපු මහත්වරුන් මැදිහත්ව වැදගත් පවුල් අතරින් ගෙනා යෝජනා සියල්ලම අසාර්ථක වූයේ දියණියට තිබෙන අපල උපද්‍රව නිසාය. පොරොන්දම් බැලීමේ දී ඒවා කිසිසේත් නොගැලපෙන නිසා මඟුලක් නොකරන ලෙසට නැකැත් මහත්වරු උපදෙස් දුන්හ.


එහෙත් පියාට වඩා මවට  තම දියණිය දීඝ දීමේ  දැඩි අවශ්‍යතාවයක් ඇත.


මේ නිසා කපු මහතාගේ උප්පරවැට්ටියකට අනුව කටයුතු කරන්නට දියණියගේ මව මැදිහත් වූවාය.


නැකැත් බැලීම සඳහා දෙපසින් පිරිසක්  ඒ සඳහා සුදුසු ස්ථානයක් කරා පිය නැගූ අතර පොරන්දම්  සියයට සීයක්ම ගැලපෙන බව නැකැත් කරු පැවසීය. මනාලියගේ මවට ඇති වූවේ නිම්හිම් නැති සතුටකි.


මංගල කටයුත්ත කෙරෙන්නට දිනයක් නැතත් දෙපාර්ශවයේ  පවුල් එකට එක්ව වන්දනා ගමන් බිමන් යති. එහෙත් කපු මහතා දෙපැත්තටම අමතක වී ඇත.


පොරන්දු වූ කපු ගාස්තුව දෙනවා කීවාට ඒක දෙන පාටක් ද නැත.


අවසානයේ කපු මහතා මනාලියගේ මවගෙන් දෙනවා කියු මුදල  නොදීම නිසා නෝක්කාඩු කීවාය. 


 කපුවාට කතා කළ යුතු ආකාරය ගැන ඇය කියා දුන්නේ තමන් වැදගත් පවුල්වල අය බව සිහිපත් කරමින්ය.


ඉන් නික්ම ගිය කපු මහතා මනාලයාගේ පාර්ශවය හමු වී මනාලියට තිබෙන අපලය හා පොරොන්දම් බලන්නට ඒ වෙනුවට ගෙන ගියේ අම්මාගේ හදහන බව කීවේය.


සිද්ධිය දැන ගත් මනාල පාර්ශවය මඟුල කපෝති කළ පුවත මනාලියගේ මවට සැල කළාය.


මනාලියගේ මව කපුවාට දෙස් දෙවොල් තැබුවේ ඔය බව සිහි ගැන්වූවා නම් ඉල්ලන මුදල දෙගුණ තෙගුණ කර දෙන බව පවසමිනි.



අදහස් (4)

අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා

himal Wednesday, 30 November 2022 10:04 AM

කේන්දර බලද්දි පොරොන්දම් විතරක් බලන්නේ නෑ, එහෙම නම් ඒ ජෝතිෂ්‍යය හරියට නොදත් අය. අම්මාගේ කේන්දරේ වැරදිලා හරි අරගෙන ගියා නම් ඒක කෙලින්ම අහු වෙනවා. මොකද අම්මා දුවට වඩා වයසයි.

:       2       18

podiaarachchi Wednesday, 30 November 2022 10:26 AM

ජෝතිෂ්‍ය !රෙද්ද තමයි .කාලකන්නි ගෝත්‍රිකයෝ

:       1       22

sakalaguru Wednesday, 30 November 2022 10:30 AM

ඕවා ඔක්කොම බොරු වංචාකාරයින්ගෙන් පැවත එන දේවල් නිසා.ආච්චිගේ කේන්ද්‍රය උනත් මොකද?

:       0       21

Perera Friday, 02 December 2022 07:43 AM

හැම කෙහෙල්මලකටම හොඳ නැකැත් බලලා වැඩ කරන මිනිස්සු ඉන්න ලංකාව වලපල්ලේ. ඔය මොනවත් නොබලා වැඩ කරන අය ඉන්න රටවල් හොඳට දියුණුයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site