IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අමුතු යෝගට්එකෙන් කට දිව වනවී තරු පෙනිලා

මුලටියන එස්. බාලසූරිය
වෙරි මරගාතේ යෝගට් යැයි රැවටී විටට ගන්නා හුණු කෑමෙන් දිව හා මුඛය තුවාල වී දින ගණනාවක් ආහාර ගැනීමට නොහැකිව සිටි ගැමියකු පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ දුර බැහැර ගම්මානයකින් වාර්තා වෙයි.


එදිනෙ දා කුලි වැඩ කරමින් අඹු දරුවන් පෝෂණය කළ ඔහු ඉඳහිට මත් වතුර ටිකක් බොන අයෙකි. ටිකක් පදමට වැදුණු දිනවල දී ගෙදරට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට අමතරව සිය දියණියන් දෙදෙනාට යෝගට් හෝ අයිස් ක්‍රීම් කප් දෙක තුනකුත් රැගෙන යාමත් ඔහුගේ පුරුද්දකි. නිතරම බුලත් විට හපන හෙතෙම ඒ සඳහා අවශ්‍ය බුලත්, පුවක්, හුණු හා දුම්කොළ ආදිය ද මිල දී ගනී.


ඉකුත් දිනක වැඩ නිමවීමෙන් පසුව කඩමණ්ඩියේ පිහිටි තැබෑරුමට ගොස් මත්වතුර වීදුරු කීපයක් පානය කිරීම නිසා තරමක වෙරිමතින් සිටි හෙතෙම වෙළෙඳසැළකට ගොස් තම දියණියන් දෙදෙනාට දීම සඳහා යෝගට් කප් දෙක තුනකුත් බුලත් විටට ගන්නා හුණු කප් එකකුත් මිලට ගෙන තිබේ. වෙළෙඳසල් හිමියා යෝගට් හා හුණු කප් එකම ෂොපින් කවරයක දමා දී තිබුණි.


පදමට වෙරි වී සිටි ඔහු ඒවාත් රැගෙන නිවසට පැමිණ ඔන්න දරුවනේ මං අද යෝගට් ගෙනාවා. අම්මටත් එකක් දීලා මටත් එකක් අරන් තියන්න කියා ඇත.


ඒ අනුව ඔවුන් යෝගට් කප් තුනක් ගෙන කවරයේ  තිබුණු ඉතිරි වූ කප් එකක් තම පියාට වෙන් කර තිබේ.


දැනට විටට ගන්නා හුණු විකිණීමට තිබෙන්නේ ද යෝගට් කප් වැනි අසුරන මත බැවින්  දියණියන් සිතා ඇත්තේ එයත් යෝගට් කප් එකක් කියාය.


රාත්‍රී කෑම ගැනීමෙන් පසුව ‘‘දුවේ මටත් යෝගට් එකක් ගෙනත් දෙන්නැයි පියා දියණියකට  කියා ඇත. වෙරි මරගාතේ සිටි ඔහු එම යෝගට් කප් එකෙන් හැඳි දෙක තුනක් කනවිට අමුතු රසයක් මෙන්ම කට දිව පුපුරු ගසන්නට වීම නිසා කප් එකේ ලේබලය දිහා බලන විට එහි සඳහන් වී තිබූ දෙය දුටු ඔහුගේ ඉහමොළ රත්වී ඇත. දැඩි වේදනාවකින් පසු වූ හෙතෙම වතුර වීදුරු කීපයකින් කට සෝදා හැරියත් සහනයක් ලැබී නැත. 


කට හා දිව තුවාලවීම නිසා දින කිපයක්ම පොල් කිරි කැඳ පමණක් ආහාරයට ගැනීමට ඔහුට සිදුවී තිබේ.


දින කීපයකට පසු කඩ මණ්ඩියට ගිය ඔහු මේ පිළිබඳව වෙළෙඳසල් හිමියාට දොස් කියා ඇත්තේ අවට සිටි අයට ද ඇසෙන ලෙසය. සිදුවී තිබුණු වැරැද්ද පිළිබඳව වෙළෙඳසල් හිමියා ද පසුතැවිල්ලට පත්වී  මින් පසු හුණු විකුණන්නේ නැහැ. මේකෙත් කාට කාටත් හොඳ පාඩමක් යැයි කියා ඇත්තේ යමක් කන බොන විට එහි ඇති දේවල් පිළිබඳව සොයා බලන එක ශරීර සෞඛ්‍යයට හොඳ බවයි.  

 



අදහස් (0)

අමුතු යෝගට්එකෙන් කට දිව වනවී තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site