IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අමුතු කෑමක් කා රැයක් නිදි වරලා

මොරගොල්ලාගම - සිසිර කැලේගම
යහළුවකුගේ උපදෙස් පරිදි කෑමට අමුතු කෑමක් සපයාගෙන ආහාරයට ගත් රාජ්‍ය ආයතනයක සේවක පිරිස් වමනය දමා දැඩි අපහසුතාවකට පත් වූ පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි.


එය ව්‍යාපාර ආයතනයකට සම්බන්ධ රාජ්‍ය ආයතනයකි. සේවකයෝ සතියේ දිනවල උදේ වැඩට විවිධ ප්‍රදේශවල සිට පැමිණෙති. සේවයේ නියැළී සවස් යාමයේ ඉන් නික්ම යති.


පවතින තෙල් අර්බුදය හා බස් ගාස්තු ඉහළ යාම නිසා සඳුදා දිනයට පැමිණෙන ඔවුහු එහි නේවාසිකව රැඳී, සති අන්තයේදී නිවෙස් කරා යාමට තීරණය කළහ.


නිවෙස්වල සිට සේවයට එන ඔවුහු කෑම සපයා ගැනීමට අවැසි දේවල් රැගෙන ඒකරාශිව තුන් වේලට අවැසි ආහාරය එහිදී සපයා ගත්හ.
අවට ඇති ගස්වල කොස්, දෙල් හා අඹ ඒ සඳහා කිසිදු මුදලක් වියදම් නොකර සකසා ගැනීමට ඔවුහු පියවර ගත්හ.


දින කිහියක් තිස්සේ ගෙවත්තේ තිබූ එකම වර්ගයේ කොස්, දෙල්, අඹ කෑමට ගත් ඔවුහු ඊළඟ වේල සඳහා වෙනත් දෙයක් සෙවූහ. 
නගරයට ගොස් මස් මාළු ගෙන ඒමට හැකියාව ඇතත්, ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ද ඔවුන් අත නොතිබුණි. මේ නිසා එම කෑම වේලත් අඩු වියදමකින් සකසා ගැනීමට ඔවුහු සූදානම් වූහ.


එහිදී දකුණේ සිට පැමිණි මිතුරෙක් පොල් මලෙන් රසවත් ව්‍යජනයක් සකසන අයුරු කියා දුන්නේය.


වහාම ක්‍රියාත්මක වූ අයෙක් ගෙවත්තේ තිබූ තැඹිලි මලක් කපා සුද්ද කර කැබැලි කර අවැසි ලෙසට සැකසුවේය.


එතැන් සිට ළිපේ තබාගෙන තම්බා කෑමට පිළියෙල කරගන්නේ කෙසේ ද කියා ඔවුන් දන්නේ නැත. එය සකසන අයුරු කියා දුන් මිතුරා ද ඒ වන විට ස්ථානයෙන් පිටව ගොස් සිටි නිසා එය අසා ගන්නට ඔහු ද එහි නැත. දුරකතනය ද විසන්ධි වී තිබේ. අන්තිමේදී ඔවුහු දන්නා විදිහට එය සකසා ගත්හ.


රාත්‍රී ආහාර වේලට සූදානම් වුවත් එහි ඇත්තේ තිත්තක් හා කහට රසකි.


කන්නට යමක් නොමැති තැන එය කෙසේ හෝ ආහාරයට ගත් නමුත් ටික වේලාවකට පසුව එකිනෙකා වමනය දමන්නට වූහ. මේ නිසා දුර බැහැර පෙදෙස්වල සිට නේවාසිකව සිටි මිතුරු කැල දකුණේ මිතුරාගේ නව තාලයේ ව්‍යජනය ගැනීමෙන් දැඩි අසරණතාවකට පත්ව එදින රැය පහන් කළේ මිතුරා යළි හමු වූ විට ලුණු ඇඹුල් ඇතිව බැන වැදීමේ අරමුණෙනි. 



අදහස් (0)

අමුතු කෑමක් කා රැයක් නිදි වරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17954 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site