මොරගොල්ලාගම සිසිර කැලේගම
විෂම වූ සමාජයක් මැද නොමඟට යන එකම පුතා සුමඟට ගැනීම සඳහා දේවාලයකට ගිය මවුපිය යුවළකට අසල්වැසි නිවසට කපු මහතා පැමිණෙන කාරණාව අසා එම නිවැසියන්ට දෙලොව රත්වූ පුවතක් රජරටට අයත් කලාවැව අවට ගමකින් අසන්නට ලැබුණි.
මව් පිය දෙදෙනා ගැමි පෙදෙසක වුවත් ගුරු සේවයේ නියැළෙති. ධනවත් පවුලකි. ඉහළ පැලැන්තියක මෙන් ජීවත් වෙති.
ඔවුනට එකම දරුවෙකි. ඔහු පුතෙකි. කුඩා කල සිටම නගරයේ පාසලකට ගිය ඔහු උසස් පෙළ හදාරන්න වෙනත් පළාතක ජනප්‍රිය පාසලකට දැම්මේය. ඒ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉහළින්ම ඔහු ඇතුගල්පුරවරයෙන් සමත් වී සිටි නිසාය.
පුතා හොස්ටල්වල රැඳී අධ්‍යාපන කටයුතුවල නියැළුණේය. දරුවාට අවැසි මුදල් නොපිරිහෙලා මව්පියෝ ලබා දුන්හ. ඒ එකම පුතු ඉංජිනේරුවරයෙකු ලෙසට විශ්ව විද්‍යාලයට පිවිසෙන අයුරු දැකීමේ නොතිත් ආශාවන් මැදය. එහෙත් ඔහු විභාගය අසමත්ය.ඔහුගේ සිරුර කෙසඟය. ඇස් වළ ගැසීය. වයසට වඩා පෙනුමැති වයසකි. මව්පියන්ට පුතා ගැන සැකයක් ඇති වුණි. ඒ ගැන විපරම් කළ ඔවුනට දැන ගන්නට ලැබුණේ පුතා හෙරොයින්, අසිස් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවයි.
එහෙත් ඔහු එය පිළි ගන්නේ නැත. ප්‍රතිකාර සඳහා රෝහලකට යාමට එන්නේ ද නැත.
මේ නිසා උණ හපුලුවා එකම පැටියා මැණිකක් සේ රකිනවාක් මෙන් තම දරුවා මේ ව්‍යසනයෙන් මුදවා ගන්නට කළ හැකි හැමදේම සොයා ඔවුන් ගිය අවස්ථා එමටය.
මේ අතර හාස්කම් ඇති දේවාලයකට ඔවුහු ගියහ. ඒ එහි ගිය පිරිසක් එතැන ඇති හාස්කම් ගැන පැවසු නිසාය. රජරට සිට බස්නාහිර පළාතට අයත් මෙම දෙවොල කරා ගිය ඔවුනට දරුවාට වෙලා තිබෙන දේ සාස්තරයෙන් දෙවොලෙන් දැන ගන්නට ලැබුණි.
අවස්ථා කිහිපයකදීම කපුවා දෙන පස්, වැලි, දෙහි, බිත්තර ආදිය ජීවම් කරගෙන වත්තට ගෙනැවිත් ඉස්සේය. වතුර මතුරා ගෙනැවිත් දරුවාට හොරෙන් බොන්නට දුන්නේය. ඒ තුළින් අපල දුරු වී දරුවා සුමඟට හැරෙන බවටත්, දරුවා සුමඟට ගෙන මිස පස්ස නොබලන බවටත් කපුවා පොරොන්දු වූ නිසාය. කපුවා ගතමනාව ගත්තේය.
මේ අතර ඒ කපුවා යාබද ගෙදරකට යන එනවාය. ඒඅසල ඇති මෙම නිවස මොවුනගේ බව කපුවා නොදනීය. මෙම නිවසේ අය එකී දේවාලය කරා යන්නේද ගමේ කාට කාටත් හොරාය. නමුත් කපුවා.
එලෙස එන්නේ ඇයිද කියා මෙම නිවැසියන් අසල්වැසියාගෙන් ඇසුවේය.
“ඒ කපුවාගේ පුතා හෙරොයින් ගහනවා. මම ඒ ගමේ පොලිසියේ ලොක්කා අඳුනනවා. ලොක්කාට කියලා පුතා අල්ලලා පුනරුත්ථාපන කඳවුරකට හරි දාලා පුතා බේරලා දෙන්න කියලා ලොක්කා ගාවට තනියම කපුවාට යන්න බැරිලු. මං එක්ක ඕ.අයි.සී. මහත්තයා ගාවට යන්න කපුවා එන බව” පැවසීය.
“යකෝ එතකොට කපුවාගේ පුතා සුමඟට ගන්න බැරිව අපේ එකාගේ ලෙඩේ සුවපත් කරන්නට ලක්ෂ ගණනින් මේකා අපිව සූරාකාලා නේද තියෙන්නේ කියලා” දෙදෙනාම තැබූ විලාපයෙන් ධනවත් පවුලේ සායම සේදීයත් දී කපුවාගේ කපටිකමත් ගමටම එළි වුණා ලු.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අපල දුරුකරන්න සල්ලි ගත් කපුවාට තමන්ගේ පුතාත් ගොඩගන්න බැරි වෙලා
himal Friday, 01 November 2024 10:23 AM
දැන් එතකොට බටහිර වෛද්‍යවරුන්ගේ ළමයින්ට බටහිර වෙදකමෙන් හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ නැද්ද? දේශීය වෛද්‍යවරු බටහිර ප්‍රතිකාර ගන්නේ නැද්ද? ඉහළ පැලැන්තියේ වගේ ජීවත් වෙනවලු, කපුවගේ පුතා මතට ඇබ්බැහි වෙලාලු. මොනවද මේ කතා...?