IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අඳින්න දුන් සරමත් එක්ක ආගන්තුක මිතුරා වාෂ්පවෙලා

හිඟු‍රාන - නවරත්න සමරතුංග 
ස්ථානය කොළඹ මධ්‍යම බස් නැවැතුම්පොළය. මෙම සිද්ධියට සම්බන්ධ එක් අයකු අම්පාරේය. අනෙකා කැකිරාවේය. දෙදෙනා මෙයට පෙර හමු වී නැති නමුත්, එදින ඔවුහු ගජ මිතුරෝ බවට පත්ව සිටියහ.


මිත්‍රත්වය දිග දුර යාමෙන් පසුව අම්පාරේ මිතුරා එදින රැය ගතකිරීමට පන්නිපිටියේ තම ඥාතියකුගේ නිවෙසට ඔහු ද කැඳවාගෙන ගියේය.


ඥාති නිවසේදී ආරාධිත පුද්ගලයා නිවැසියන්ට හඳුන්වා දුන් අතර, පසුව සතුටු සාමීචි‍යේ යෙදෙමින් ඔවුහු තවදුරටත් ලෙන්ගතු වූහ. 
එහිදී තමාට ඇති වත්කම් සහ දේපළ ගැන ගෙහිමියා සමග පවසන විට “ඔයා තවම බැඳලා නැද්ද?” කියා ප්‍රශ්න කෙරිණි. 


“අපෝ නෑ. තවම හිතලාවත් නෑ. හොඳ කෙනෙක් හම්බ වුණේම නෑ අන්කල්.” යැයි‘ ඔහු ලැජ්ජාශීලී වෙමින් පැවැසීය. 


“අපේ ළමයි ‍දෙන්නත් තවම බැඳලා නෑ. දැන් වයසත් හරි. ඒ වුණාට හරියන කෙ‍නෙක් තවම හම්බ වුණේ නැහැ.”යි ගෙහිමියා කීය. 
මේ අතර ගෙහිමියා කැකිරාවේ තරුණයා අමතමින් “ඔයා වැඩ කරනවා කියපු තැන එක්කෙනෙක් මේ ලේන් එකේ ඉන්නවා. ඉන්නකෝ මම එයාට ඔයා අඳුන්වලා දෙන්න. මෙහෙට එන්න කියන්නම්.” කියමින් ඔහුට දුරකතන ඇමතුමක් ලබා ගත්තේය. 


එසැණින්ම සැටියේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටි කැකිරාවේ හාදයාගේ මුහුණ එක් වරම කළු වලාවකින් වැසි ගියාක් ‍මෙන් විය. 
ඔහු යටි බඩ තදින් අල්ලා ‍ගෙන දැඩි උදරාබාධයෙන් ‍පෙළෙන බව ඇඟවීය. “ඇයි මොකුත් අසනීපයක්ද?” යැයි පිරිස ඔහු‍ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. එහිදී ඔහු තම මිතුරා ද කැඳවාගෙන කාමරයට ගොස් මෙසේ පැවැසීය.


“මට මේ ලෙඩේ හැදුණාම අරක්කු ටිකක් බොන්න ඕනෑ. ටක් ගාලා නතර වෙනවා. මම චුට්ටකට එළියට ගිහින් එන්නම්.” කී ඔහු සිය ගමන් බෑගය ද රැගෙන නිවසෙන් පිටවී ගියේය.


පැයක පමණ කාලයක් ඔහු නොපැමිණි බැවින් කලින් ඉල්ලා ගෙන තිබුණ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය. එහෙත් එය විසන්ධි කර තිබිණි.


මේ අතර, ගෙහිමියා කළ දැනුම් දීම මත ඔහුට හඳුන්වා දීමට කැඳවූ පුද්ගලයා ද එම නිවෙසට පැමිණියේය. “කෝ ඇවිත් ඉන්නවා කී කෙනා?” ඔහු විමසීය.


එහිදී ඔහු මෙම නිවෙසට කැඳවාගෙන පැමිණි මිතුරා දිවා කාලයේදී ඔහු සමග ගත් සෙල්ෆි ඡායාරූපයක් තිබී නිවෙසට පැමිණි පුද්ගලයාට එය පෙන්වීය.


“ආ... මෙයා මම දන්නවා. වැඩ කරනවා කියපු තැන හරි. මෙයා බැඳලා ඉන්නේ එතැනම වැඩ කරන ගෑනු කෙනෙක්. ළමයිනුත් තුන් දෙනෙක් විතර ඉන්නවා.” යැයි ඔහු විස්තර කළේය.


සියල්ල අසා සිටි ගෙහිමියා නළලේ අත ගසා ගත්තේය.


“මේ මිනිහා මහ බොරුකාරයෙක්. මට කීවේ බැඳලාත් නෑ, තවම තනිකඩයෙක් කියලා. ඒ විතරක්යැ... අපරාදේ මම අඳින්න දීපු සරමත් නෑ. ඒක පිටින්මයි පැනලා ගියේ.” යැයි පැවැසීය.



අදහස් (0)

අඳින්න දුන් සරමත් එක්ක ආගන්තුක මිතුරා වාෂ්පවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site