IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අනියම් බිරිය සමග යහන්ගතවූ ආරක්ෂක නිලධාරියා ගස් බැද පහරදීලා

අනියම් බිරිය සමඟ යහන් ගතවෙන්නට ගොස් ඇගේ සැමියාට හසුවී ගස් බැඳ පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් (16) රාත්‍රී අසන්නට ලැබුණි.

මෙම නිලධාරියා මීට පෙරද එවැනි සිදුවීම් කිහිපයකට හසුවී පහර කෑමට ලක්ව තිබෙන මුත් පොලිසීයට නොගොස් සමථයකට පත් කර ගන්නට ඔහු සමත් වී තිබිණි.

ආරක්ෂක නිලධාරියා රාත්‍රියේ අනියම් බිරියගේ නිවසට ගොස් ඇත්තේ ඇයගේ සැමියා වෙනත් කටයුත්තක් සඳහා නිවසෙන් බැහැරව සිටි බව දැනගෙනය. එහෙත් සිය බිරියගේ හැසිරීම පිළිබඳ සැක සිතූ සැමියා පෙර සිට ඇගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් පටිගත වන ලෙසට බිරියටද රහසේ කටයුතු කර තිබී ඇත.

ඒ අනුව බිරියගේ සහ ආරක්ෂක නිලධාරියාගේ සැලසුම් දැන ගත් සැමියා නිවසෙන් බැහැරව ගොස් ඇත්තේ දෙදෙනා අතටම අල්ලා ගැනීමේ අරමුණෙනි.

සුපුරුදු අරමුණ ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් තමන් නොමැති අවස්ථාවල නිවසට ගොස් තම බිරිය සමග දිගු කලක් යහන්ගත වූ ආරක්ෂක නිලධාරියා එදින අතටම අල්ලා ගැනීමට සැමියාට එහිදී හැකිව තිබේ.

දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ආරක්ෂක නිලධාරියාට පහරදී ගහක බැඳ සිටියදී ප්‍රදේශවාසීන් විසින් ගොස් ඔහු බේරා ගෙන ඇත.

නැවත මෙවැනි පවුල් කඩාකප්පල් කරන වැරදි නොකරන ලෙසත් තනතුරට ගැලපෙන ලෙස ජීවත් වන ලෙසත් පවසමින්  ගසක බැඳ තිබූ ආරක්ෂක නිලධාරියාගේ ලණු ලිහා දැමීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ.



අදහස් (3)

අනියම් බිරිය සමග යහන්ගතවූ ආරක්ෂක නිලධාරියා ගස් බැද පහරදීලා

burampi Saturday, 28 January 2023 01:53 PM

කසාද බැඳලා අවුරුදු 45යි. ඔයා කැමැති නම් ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් කරගන්න කියලා මම කිව්වා.

:       1       13

senaSunday, 29 January 2023 01:35 PM

බැඳපු අලුතමද කිව්වේ...?

:       0       4

wilbertTuesday, 31 January 2023 01:25 PM

පුදුම අසහනයක්නේ ඔහෙට තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site